26.9 C
Colombo
Friday, March 14, 2025

Breaking:වාහන ආනයන සීමා ඉවතට

- Advertisement -

ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම/සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා x පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව පවසා සඳහන් කරනවා.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

අමාත්‍යවරයා පවසන්නේ ආර්ථික සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා ගන්නා ප්‍රයත්නයේ කොටසක් සහ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් එම තීරණය ගන්නා බවයි.

කොරෝනා වෛරසයේ බලපෑම් හේතුවෙන් ආර්ථිකයේ ඇතිවූ අර්බුද හේතුවෙන් 2021 වසරේ දී වාහන ආනයනය අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කළා.

අනතුරුව ඇතිවූ දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් එම තහනම/සීමා තවදුරටත් පවත්වාගෙන යෑමට මෙරට බලධාරීන් තීරණය කළා.

මේ අතර පසුගිය ජුනි මාසයේදී ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ 2025 වනවිට ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ඉවත් කිරීමට සැලසුම්කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.