30 C
Colombo
Thursday, September 19, 2024

උද්දික ප්‍රේමරත්න නාටකයේ ඒ.එස්.පී ට ඇප

- Advertisement -

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය අද (13) නියෝග කළා.

රුපියල් ලක්ෂ දෙකක් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත සැකකාර අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළකාලමින් නියෝගයක් නිකුත් කළ අතර සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 05 වැනිදා සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා රිමාන්ඩ් බාරයට පත්කර සිටි අතර සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සැකකාර සංජීව මහනාම මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න මහතා කරුණ දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී තම සේවාදායකයා ඊට සම්බන්ධ බවට කිසිදු කරුණක් අනාවරණ වුණාද? යනුවෙන් රහස් පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට තම සේවාදායකයා සම්බන්ධ බවට කිසිදු කරුණක් අනාවරණයවී නැති පසුබිමක මෙම වෙඩි තැබීමේ සිද්ධියට ඔහු සැකකරුවකු ලෙස නම් කලේ කෙසේදැ? යනුවෙන් ප්‍රශ්න කළ නීතිඥ උපාලි ජයමාන්න මහතා මෙම සිද්ධියෙන් තමා ඝාතනය කිරීමට උත්සහ කල බවට සහ තම මෝටර් රථයට හානි වූ බවට උද්දික ප්‍රේමරත්න පැමිණිලි කර නැතැයිද එවන් පසුබිමක තම සේවාදායකයාට එරෙහිව මිනී මැරුම් සහ අනර්ථය කිරීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනා එල්ල කරන්නේ කෙසේදැයි වැඩිදුරටත් ප්‍රශ්න කර තිබෙනවා.

තම සේවාදායකයාගේ රාජකාරි පිස්තෝලයෙන් වෙඩි උන්ඩ පිටවී නැති බවට රජයේ රස පරික්ෂකවරයා තහවුරු කර ඇතැයිද මුල සිටිම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව වරින් වර පරස්පර අසත්‍ය කරුණු ඇතුලත් වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇතැයිද කී නීතිඥ උපාලි ජයමාන්න මහතා තම සේවාදායකයා අධිකරණය මගහැර පළා ගොස් සැඟව සිටි බවට රහස් පොලිසිය කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටියා.

තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා ඇප දිය හැකි ඒවා යැයිද සිද්ධියේ සාක්කිකරුවන්ට බලපෑම් කිරීමට හෝ යුක්තිය ඉෂ්ඨ වීමේ කාර්යයට බාධා කිරීමට කිසිදු චේතනාවක් නැතැයිද විමර්ශන සඳහා අවශ්‍ය සහය අපරාධ පරක්ෂණ දෙපාර්තමෙන්තුවට ලබාදෙන්නේ යැයිද අවධාරණය කල නීතිඥ උපාලි ජයමාන්න මහතා ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා තිබුණා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරුණු දක්වමින් සිද්ධියට අදාළව ආරම්භ කළ විමර්ශන අවසන් කර නැතැයිද සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන කරන හෙයින් සැකකරු තවදුරටත් රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා සිටියා.

එහිදී සියළු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරුට කොන්දේසි සහිත ඇප නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල යළි කැඳවන 2025 පෙබරවාරි 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුට නියම කළා.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත මිනී මැරුම් විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඉන්දුක ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක සිරිවර්ධණ මහතා පෙනී සිටියා.

සැකකාර සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් නීතිඥවරියන් වන ඉසුරි ලියනගේ සහ මධාරා මහත්මීන් සමඟ නීතිඥවරුන් වන උපාලි ජයමාන්න සහ රංජිත් රාජකරුණා යන මහත්වරුන් පෙනී සිට තිබුණා.


RECENT ARTICLES - SINHALA

විදෙස් සිසුන් සම්බන්ධයෙන් කැනේඩියානු රජය දැඩි තීරණයක

අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා. කැනේඩියානු රජයේ සැලසුම අනුව, 2025 වනවිට මෙම වසර මෙන් 10%කින්...

Youtube නාලිකා හිමිකරුවෙකුගෙන් CID එකට නඩුවක්

'SL-Vlogs' යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා. 2023 වසරේදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන විශේෂ තීරණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...