31 C
Colombo
Thursday, September 19, 2024

අද විටින් විට වැසි ඇතිවන ප්‍රදේශ

- Advertisement -

අද (14) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමන තරමක තද වැසි ඇතිවිය හැකියි.

කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම්දෙන්නේ ඌවපළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

විදෙස් සිසුන් සම්බන්ධයෙන් කැනේඩියානු රජය දැඩි තීරණයක

අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා. කැනේඩියානු රජයේ සැලසුම අනුව, 2025 වනවිට මෙම වසර මෙන් 10%කින්...

Youtube නාලිකා හිමිකරුවෙකුගෙන් CID එකට නඩුවක්

'SL-Vlogs' යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා. 2023 වසරේදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන විශේෂ තීරණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

මහින්ද දැන්වත් කියන්න ඕන ‘කොල්ලෝ අයින් වෙයන් කියලා’ – දොඩම්පහල රාහුල හිමි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා...