28 C
Colombo
Thursday, September 19, 2024

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන දිනය මෙන්න

- Advertisement -

2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

අද (15) දහවල් විභාග දෙපාර්තමේන්තුවේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 323,841ක් පෙනී සිටි අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849 කදී විභාගය පැවැත් වුණා.

ඒ, අනුව අද අවසන් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40ක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ප්‍රශ්නපත්‍ර ගැන නැවත විමසමින් දරුවන්ව පීඩාවට පත් නොකරන ලෙසද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර අද පැවති විභාගයේ දී දරුවෙකුට යම් ආසාධාරණයක් හෝ ගැටළුවක් ඇති වී ඇත්නම් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දෙන ලෙස ද මේ වන තෙක් එවැනි අක්‍රමිකතාවයක් පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැති බවද ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 255ක්...

රාජ්‍ය නිලධාරින් 09දෙනෙකුගේ මැතිවරණ රාජකාරි අත්හිටුවලා

දේශපාලනය අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරිමට කටයුතු කළ හම්බන්තොට රාජ්‍ය නිළධාරින් 19 දෙනෙකු පිළිබඳව පරික්ෂණ පැවැත්වෙන බවත් ඉන් රාජ්‍ය නිළධාරින් 09 දෙනෙකුගේ මැතිවරණ රාජකාරි අත්හිටවු බවද...

කොහුවල ඝාතනයට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කොහුවල ප්‍රදේශයේ හෝටල් හිමියකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ (18) රාත්‍රී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යතුරුපැදිය සැපයූ බව කියන සැකකරුවන් දෙදෙනකු...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...