28 C
Colombo
Thursday, September 19, 2024

එදා අපිට හොරා කියලා කිව්වා අපේ හාමුදුරුවනේ – නාමල්

- Advertisement -

දේශපාලන නායකයින් එදා මාධ්‍ය ඉදිරියට පැමිණ අප කණ්ඩායමට ‘හොරා’ යනුවෙන් පැවසුවත් තමාට එරෙහිව තිබූ නඩු වලින් නිදොස් කොට නිදහස් වූ බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහි මේ බව සඳහන් කළේ, ඊයේ (15) පැවති ජන රැළිය අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“ඔබ වෙනුවෙන් අපි ආර්ථිකය නංවාලන්න, ආර්ථිකය දියුණු කරන්න, ඔබ වෙනුවෙන් දියුණු රටක් හදන්න අවශ්ය වැඩපිළිවෙළක් අපි ගාව තියෙනවා සහ සැලැස්මක් අපි ගාව තියෙනවා. අවාසනාවකට 2015 පත් වෙච්ච ඒ ආණ්ඩුවට ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න වුවමනාවක් තිබ්බේ නෑ. ඒ අයට තිබ්බේ පළිගැනීමේ චේතනාව. අපේ හාමුදුරුවනේ අපිට හොරා කිව්වා.පරීක්ෂණ කළා. අපිව හිරේ දැම්මා. හොයලා හොයලා අවසානයේ රාජපක්ෂලා හොරකම් කරපු දෙයක් නැ කියලා ඒ නායකයෙ ඇවිල්ලා මාධ්‍යට කියන්න පටන් ගත්තා. නඩු වලින් අපි නිදොස් කොට නිදහස් වුණා. හැබැයි කණගාටුවට කාරණය මොකක්ද? ඒ අය දේශපාලන වේදිකාවේ පරණ සටන් පාඨ විකුණමින් ඡන්ද ගන්න උත්සහ කරනවා.”

RECENT ARTICLES - SINHALA

ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කෙරේ

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය...

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත්කරන්නේ මෙහෙමයි

නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ....

හිමිකරුවන්ට භාර නොදුන් ඡන්ද දැන්වීම් පත්‍රිකා තොගයක් සොයා ගෙන

පුත්තලම කල්අඩිය කලාපයට බෙදා දීමට තිබූ නිල ඡන්ද පත්‍රිකා 147ක් එම ප්‍රදේශයේ වෙළෙඳසලක තිබියදී සොයාගත් බව පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ් අමීර් මහතා පවසනවා. තිල්අඩිය දෙවන...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...