24 C
Colombo
Friday, November 8, 2024

මෙවර ජනපතිවරණයේ බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා මෙතෙක් නෑ

- Advertisement -

ජනාධිපතිවරණයට අදාළව මනුෂ්‍ය ඝාතන, බෝම්බ ප්‍රහාර, වෙඩි තැබීම් හෝ ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම් කිසිවක් ඊයේ (15) පෙරවරුව වනවිටත් වාර්තා වී නැති බව පැෆරල් සංවිධානය පවසනවා.

බරපතළ පහරදීම් 07ක් වාර්තා වී ඇති අතර ඉන් හයක් තහවුරු වී එක් පහරදීමක් තහවුරු වී නැති බවයි එම සංවිධානය පවසන්නේ.

එමෙන්ම පහරදීම් 14ක් වාර්තා වී ඇති අතර ඉන් නවයක් තහවුරු නැති බවත් නිශ්චල දේපළ හානි කිරීම් පහක් වාර්තා වී ඇති අතර ඉන් එකක් තහවුරු වී නැති බවද පැෆරල් සංවිධානය පවසනවා.

එම සංවිධානය පවසන්නේ, තර්ජනය කිරීම් හා බියවැද්දීම් 17ක් වාර්තා වී ඇති අතර ඉන් දෙකක් තහවුරු වී නැති බවත් දේශපාලන කාර්යාල හානි කිරීම් 29 වාර්තා වී ඇති අතර ඉන් හයක් තහවුරු වී නැති බවයි.

තවද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 1372ක් ලැබී ඇති බව පැෆරල් සංවිධානය වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES