26 C
Colombo
Tuesday, March 11, 2025

සහතික තිබුණත් කොලිටියෙන් බාල සබන් දරුවන්ගේ ඇඟේ ගාන්නේ බලාගෙන

- Advertisement -

ප්‍රමිතියෙන් බාල සබන් වර්ග හේතුවෙන් දරුවන්ගේ සමෙහි විවිධ ආසාත්මිකතා ඇතිවන බව සෞඛ්‍ය සේවයේ ප්‍රාමාණිකයන් පෙන්වා දී ඇත්තේ වරක් දෙවරක් නොවේ.

මෑතකදී රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පෙන්වාදුන්නේ, ළදරුවන්ගේ සම මත විවිධ අසාත්මිකතා ඇතිවීමට බලපාන එක සාධකයක් ලෙස තත්වයෙන් බාල සබන් වර්ග හඳුන්වාදිය හැකි බවයි.

එම සංගමයේ නියෝජිතවරියක් පසුගිය ජුනි 10වැනිදා ජනමාධ්‍ය අමතමින් පැවසුවේ, ඇතැම් මවුපියන් තම බිළිඳුන් සඳහා දැනට භාවිත කරන්නේ බාල සබන් වර්ග බවත්, ඒවායේ බලපෑම ඉදිරියේදී දැනෙනු ඇති බවත්ය.

එබැවින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) අනුමත කරන ලද ළදරු සබන් වර්ගයක් නිරන්තරයෙන් සිය දරුවන් වෙනුවෙන් තෝරාගන්නා ලෙස ඇය මාපියන්ගෙන් ඉල්ලා සිටියා.

එලෙස නොයෙක් පාර්ශව අඛණ්ඩව මෙම ගැටලුව ඉස්මතු කර පෙන්වා දුන්නද, එය එලෙස නැවත නැවත පැනනගින්නට හේතුවී ඇත්තේ අන් කිසිවක් නොව ජනතාව මුලාකරන ව්‍යාජ ප්‍රචාර හරහා ප්‍රමිතියෙන් තොර සබන් වර්ග වෙළඳපොළට නිකුත් කිරීමට ව්‍යාපාරිකයන් සූක්ෂ්ම වීමයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශනයකින් අනතුරුව ප්‍රමිතියෙන් තොර ළදරු සබන් නිෂ්පාදනය කර බෙදාහැරීම සම්බන්ධයෙන් මෙරට ප්‍රකට සබන් නිෂ්පාදන සමාගමක් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගෙන තිබෙන්නේ මෙවැනි පසුබිමකය.

ආකර්ශනීය හැඩැති, අඩු මිල ළදරු සබන් සමඟ මෑතකදී වෙළඳපොළට පිවිස ඇති එම සමාගම, පාරිභෝගිකයන් නොමඟ යැවීමේ චෝදනාවට ලක්වීමෙන් පසු තම වරද පිළිගෙන තිබෙනවා.

පසුගිය මැයි මාසයේ පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිල්ලක් ලැබී පිටකොටුව ප්‍රදේශයෙන් සමාගමේ ළදරු සබන් සාම්පල ලබාගැනීමත් සමඟ ඊට අදාළ විමර්ශන ආරම්භවී තිබුණා.

පසුව පාරිභෝගික සේවා අධිකාරිය විසින් අදාළ සමාගමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

කාර්මික තාක්ෂණ ආයතනය මඟින් ලබාදුන් වාර්තාව පදනම් කරගනිමින් මෙම නඩුව ගොනුකර තිබුණු අතර ළදරු සබන් කාණ්ඩයේ TFM අගය 78%ක් ලෙස තිබිය යුතු බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් SLS 547 :2009 Specification for Baby Soap යටතේ අදාළ ප්‍රමිතීන් සහතික කර තිබුණද, එම ප්‍රමිතිය පිළිබඳව සමාගම සඳහන් කොට ඇත්තේ සිය ඇසුරුමේ පමණක් බව විමර්ශන වලදී හෙළිව ඇති බව සඳහන්.

සමාගමට එරෙහි නඩුව අගෝස්තු මාසයේ අධිකරණය විසින් විභාග කරන ලද අතර එහිදී අනාවරණය වූයේ සමාගම එහි ඇසුරුම්වල TFM ප්‍රමිතියට අනුකූල බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කර ඇති බවයි.

සාක්ෂි සමාලෝචනය කිරීමෙන් පසු, සමාගම සිය වරද පිළිගෙන තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රමිතියෙන් තොර සියලුම ළදරු සබන් කැට අලෙවිය නතර කරන ලෙසත්, දැනටමත් වෙළෙඳසැල්වලට බෙදාහැර ඇති ඒවා යළි කැඳවන ලෙසත් අධිකරණය සමාගමට නියෝග කර තිබෙනවා.

මීට අමතරව, අදාළ නිෂ්පාදකයාගෙන් ළදරු සබන් මිලදී ගැනීමේදී ප්‍රවේශම් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ට ප්‍රසිද්ධ නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ආහාර ආසාත්මිකතාවයක් නිසා පාසල් සිසුන් පිරිසක් රෝහලට

කරදියනාරු ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ඒ එම පාසලේ ආපන ශාලාවෙන් ආහාර ගැනීමෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන්.

දුම්රිය දෙකක මගීන් පැය 9ක් දුම්රියේ හිරවෙලා

උඩරට දුම්රිය මාර්ගයේ පල්ලේගමදී පසුගිය 9 වැනිදා පස්වරුවේ සිදුවූ පීලි පැනීමක් හේතුවෙන් කොළඹ සහ බදුල්ලේ සිට ධාවනය කළ වෙනත් දුම්රිය දෙක මගීන් දහසකට ආසන්න...

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු හඳුනාගනී

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. මේ සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

ආහාර ආසාත්මිකතාවයක් නිසා පාසල් සිසුන් පිරිසක් රෝහලට

කරදියනාරු ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ඒ එම පාසලේ ආපන ශාලාවෙන් ආහාර ගැනීමෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන්.

දුම්රිය දෙකක මගීන් පැය 9ක් දුම්රියේ හිරවෙලා

උඩරට දුම්රිය මාර්ගයේ පල්ලේගමදී පසුගිය 9 වැනිදා පස්වරුවේ සිදුවූ පීලි පැනීමක් හේතුවෙන් කොළඹ සහ බදුල්ලේ සිට ධාවනය කළ වෙනත් දුම්රිය දෙක මගීන් දහසකට ආසන්න...

අරගලයෙන් විනාශ වූ දේශපාලකයින්ගේ ගෙවල් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

2022 වසරේ ගාලු මුව දොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහරදීමේ සිද්ධියෙන් පසුව රටපුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් විනාශයට පත් මැති ඇමතිවරුන්ගේ නිවාසවලට වන්දි ගෙවීමේ...