28 C
Colombo
Friday, September 20, 2024

විභාග දෙපාර්තමේන්තුව අසල විරෝධයක්

- Advertisement -

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරත වුණා.

ඔවුන් ඉල්ලීම් කරන්නේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙසයි.

ඒ අනුව විරෝධතාවයේ නියැලුණ දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් භාරදීමට අවස්ථාව හිමිවුණා.

මේ වනවිටත් දෙමාපියන් විරෝධතාවයේ නියැලෙන අතර, පොලීසිය සහ කැරලි මර්දන ඒකකය එම ස්ථානයට ගෙන්වා ඇති බවයි වාර්තාවන්නේ.

2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය ඉරිදා පැවති අතර ඊට අපේක්ෂකයන් 323,879ක් පෙනී සිටියා.

කෙසේවෙතත් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට චෝදනා එල්ල වුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව කඩිනම් විමර්ශනයක් සිදුකළේ ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකින් පැමිණිලි ඉදිරිපත් වූ පසුබිමකයි.

ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මඩුල්ලේද එකඟත්වය ඇතිව අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අවසන් ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව ඊයේ තීරණය කළා.

RECENT ARTICLES - SINHALA

අවසන් ප්‍රතිඵලය ප්‍රමාද වියහැකි හේතු

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා. එමෙන්ම එම ශූන්‍ය...

ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට

ඇතුන්ගම, උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් 62 හැවිදිරි කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, ඔබඩයාගම,මරදන්කඩවල ලිපිනයේ පදිංචි සිවුදරු...

ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කෙරේ

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...