28 C
Colombo
Friday, September 20, 2024

පොලිස් සැරයන්වරයෙක්ට පහර දුන් සිව්දෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

පොලිස් සැරයන්වරයකුට පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් තිදෙනකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසනවා.

බීමතින් පැමිණි පිරිසක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ කාන්තාවකට පහරදුන් බවට ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුවී තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 19,23 සහ 30 වයස්වල පසුවන කුඹුගොඩ ආර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි සිවු දෙනකු බවයි පොලීසිය පවසන්නේ.

එහිදී එම නිවෙස ඉදිරිපිට සිටි සැකකරුවන්ට ප්‍රකාශයක් ලබාදීම සදහා පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙසට දැනුම් දුන්නද එම අවස්ථාවේ බීමතින් සිටි සැකකරුවන් පොලිස් ස්ථානයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය පවසනවා.

පොලීසිය පවසන්නේ, අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ත්‍රිරෝද රථයට නංවාගැනීමට යාමේදී සැකකරුවන් විසින් පොලිස් සැරයන්වරයකුට පහරදී අත්අඩංගුවෙන් මිදී පලායාමට උත්සාහ කර ඇති බවයි.

එහිදී සැකකරුවන් සිවු දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය පවසන්නේ.

ඇඹිලිපිටිය දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මහතාගේ උපදෙස් පරිදි ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

අවසන් ප්‍රතිඵලය ප්‍රමාද වියහැකි හේතු

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා. එමෙන්ම එම ශූන්‍ය...

ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට

ඇතුන්ගම, උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් 62 හැවිදිරි කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, ඔබඩයාගම,මරදන්කඩවල ලිපිනයේ පදිංචි සිවුදරු...

ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කෙරේ

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...