28 C
Colombo
Friday, September 20, 2024

ගෝඨාභය පව් එයාව බිලිදුන්නා – අනුර

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතාට බෙල්ල දීමට සිදුවූයේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි කාලයේ ගත් වැරදි තීන්දුවලට බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු පවසන්නේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් නොවුනානම් තෙල් ගෑස් නැති නොවන බවයි.

ඊයේ (17) මැල්සිරිපුර ප්‍රදේශයේ පැවැති ජනරැලියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා :

“රනිල් වික්‍රමසිංහ කියනවා එයා ඇවිල්ලා තෙල්, ගෑස් දුන්නලු. 2015-19 එයා ආවේ නැත්තම් තෙල් ගෑස් නැතිවෙන්නේ නැහැ. ඩොලර් කෝටි 1,350ක් නැති කළා. ගෝඨාභය බිලිදුන්නා. ගෝඨාභය පව්. අරගොල්ලෝ කරපු අපරාධවලට අන්තිමේට ගෝඨාභය බෙල්ල දුන්නා. ඒ නිසා අපි රට අරගෙන ගෑස් නැති වෙයි, තෙල් නැතිවෙයි, විදුලිය නැති වෙයි කියනවා. බය වෙන්න එපා කිසිඳු භාණ්ඩයක් හිඟයකින් තොරව ලබාදෙනවා. මාලිමාවේ ආණ්ඩුවක් කෙටි කාලකින් වාහන ආනයනය කරනවා. ජපන් බයිසිකල් ගේන්න ඉඩහඩලා දෙන්නම්. රට හැදීමේ වුවමනාව තිබෙනවා. ඒ නිසා පළමු වතාවට රට හදන්න මුලපුරන ආණ්ඩුවක් හදනවා.”

RECENT ARTICLES - SINHALA

අවසන් ප්‍රතිඵලය ප්‍රමාද වියහැකි හේතු

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා. එමෙන්ම එම ශූන්‍ය...

ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට

ඇතුන්ගම, උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් 62 හැවිදිරි කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, ඔබඩයාගම,මරදන්කඩවල ලිපිනයේ පදිංචි සිවුදරු...

ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කෙරේ

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...