ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදී අද (19) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු අහංගම ගොවියාපාන ප්‍රදේශයේ හෝටලයකදී පසුගිය අගෝස්තු 4 වනදා වෙඩි තබා ඝාතනය කළ අයගේ සහෝදරයා බවද පොලිසිය සඳහන් කළා.
එම අවස්ථාවේදී මාළු මිලදී ගැනීමට පැමිණි තවත් දෙදෙනෙකුද වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
ඔවුන් ප්‍රතිකාර සඳහා මාතර මහරෝහලට ඇතුළත් කෙරුණා.