28 C
Colombo
Friday, September 20, 2024

කොට්ඨාස මැතිවරණ ප්‍රචාරක කාර්යාල ගැන තීරණයක්

- Advertisement -

අද (19) මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම මැතිවරණ ප්‍රචාරක කාර්යාල ඉවත්කර ගත යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා සිටියේ අද  මධ්‍යම රාත්‍රියේ සිට විවෘතව තැබිය හැක්ක්කේ මැතිවරණය කොට්ඨාසයේ නැත්නම් දිස්ත්‍රික්කය සඳහා එක් කාර්යාලයකුත්, ඡන්ද ප්‍රදේශයක් නැත්නම් පැරණි ආසනයක් සඳහා එක් කාර්යාලයකුත් පමණක් බවයි.

“අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැනට ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා තිබෙන සියලුම ඡන්ද කාර්යාල ඉවත්කිරීම අවශ්‍ය වෙනවා. ඊයේ වෙනකම් අවසර දීලා තිබුණා දිස්ත්‍රික්කයට එක ප්‍රධාන කාර්යාලයකුත්, සෑම ඡන්ද කොට්ඨාසයකම (ඡන්ද මධ්‍යස්ථානයකට අදාළ වන කොටසට) එක් කාර්යාලයක් බැගින් පවත්වාගෙන යන්න. නමුත් ඔවුන් ඉවත්කරගන්නේ නැත්නම් අපි, පොලිසිය මගින් ඒවා ඉවත්කරගන්න කටයුතු කරනවා.

අපේක්ෂකයාගේ නිවස තවදුරටත් කාර්යාලයක් බවට පවත්වාගෙන යා හැකියි. නමුත් දැනට පවත්වාගෙන යන කාර්යාල හෝ අපේක්ෂකයාගේ නිවස ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර 500ක් ඇතුළත පිහිටුවා තිබෙනවා නම්, 21වැනිදා ඡන්ද විමසීම ආරම්භවීමට පෙර ඒ කාර්යාල ඉවත්කරගන්න ඕන. ඒ වගේම අපේක්ෂකයාගේ නිවස ඒ සීමාව තුළ තිබෙනවා නම් ඔහුගේ ඒ නිවසේ තියෙන සැරසිලි හා ප්‍රචාරක පුවරු ඉවත්කරගැනීම කළ යුතු වෙනවා.”

RECENT ARTICLES - SINHALA

අවසන් ප්‍රතිඵලය ප්‍රමාද වියහැකි හේතු

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා. එමෙන්ම එම ශූන්‍ය...

ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට

ඇතුන්ගම, උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් 62 හැවිදිරි කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, ඔබඩයාගම,මරදන්කඩවල ලිපිනයේ පදිංචි සිවුදරු...

ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කෙරේ

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...