29 C
Colombo
Friday, September 20, 2024

කොළඹ – පුත්තලම මාර්ගයේ බිහිසුණු අනතුරක්

- Advertisement -

කොළඹ පුත්තලම මාර්ගයේ කටුනායක 18 කණුව සංඥා පුවරුව අසල දී ලොරි රථයක් සහ ත්‍රීරෝද රියක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අද දින (20) අලුයම 03.30 ට පමණ මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා.

අප කළ විමසීමකදී කටුනායක පොලිස් ස්ථානයේ රථවාහන අංශය ස්ථානාධිපති පවසා සිටියේ මෙම අනතුරින් ත්‍රීරෝදරියෙහි ගමන්ගත් වයස අවුරුදු 67 කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

ත්‍රීරෝද රථය කොළඹ දෙස සිට මීගමුව දෙසට ගමන් කරන මාර්ගයේ පැමිණ කටුනායක 18 කණුව සංඥා පුවරුව අසලින් මිනුවන්ගොඩ දෙසට හැරවීමේදී මීගමුව දෙස සිට කොළඹ දෙස ගමන් ගත් ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රීරෝද රථය හතර දෙනෙකු ගමන් කර ඇති අතර එහි සිටි මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිනුවන්ගොඩ දමිත් තිසර

RECENT ARTICLES - SINHALA

බිහිසුණු බස් අනතුරක්

මොනරාගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (20) සවස කුඹුක්කන ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. මෙම...

විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු අද (20) සවස් වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව එම...

පොහොට්ටුවේ පිරිසකට වැඩ වැරදියි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු අත්හිටුවා තිබෙනවා. ඒ, ජනාධිපතිවරණයේදී පක්ෂ තීරණයට පටහැනිව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ...

POPULAR ARTICLES

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රනිල්ට උදව් කරන්න කියලා ගෝඨා මට කෝල් දෙනවා

0
රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. තමන් ක්‍රිකට්...