28 C
Colombo
Friday, September 20, 2024

විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

- Advertisement -

2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු අද (20) සවස් වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව එම කඩඉම් ලකුණු ව්ව්ව්.උග්c.අස්.ල්ක් යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියා.

මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පවත්වන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාලය ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ට උපදෙස් කිහිපයක් ද ලබාදුන්නා.

“අවවාදයක් ලෙස දෙන්න කැමතියි, තේරෙන පීඨයකට පැමිණ දරුවන්ට ඇවිල්ලා පුරප්පාඩු පවත්වාගෙන යන්නේ නැතුව කටයුතු කරන්න කියලා. මේ 45,000 පුරවන්න අපි දරුවෝ 65,000ක් පමණ තෝරනවා. ඒ කියන්නේ 20,000ක් පමණ තමන්ට ලැබෙන සරසවි වරම ලබාගන්නේ නෑ. ඔවුන් තවදුරටත් උසස් අධ්‍යාපනයේ නියැලෙමින් ඊට වඩා උසස් තැනකට යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් විද්‍යාපීඨයකට යන්න ලැබෙනවා කියන්නේ කඩඉමක්. ඒක තවදුරටත් එහාට යන්න උත්සාහ කරනවාට වඩා අධ්‍යාපනයට පැමිණෙන එක ඉතාම හොඳයි. වෛද්‍යවරයෙක් වෙනවා නම් ඉතාම හොඳයි, ඉංජිනේරුවෙක් වෙනවා නම් ඉතාම හොඳයි. ඒහා සමානවම විද්‍යාපීඨයකට ඇවිත් විද්‍යාඥයෙක් වෙන එකත් ඒ හා සමානව වැදගත් කියන එකත් දරුවන්ට අවවාදයක් ලෙස දෙන්න කැමතියි.”

මේ අතර ජෛව විද්‍යාව හා භෞතික විද්‍යාව යන විෂය ධාරාවලින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන් සඳහා නව පාඨමාලාවක් ලෙස විද්‍යාව හා කාර්මික කළමනාකරණ පාඨමාලාවට අයදුම් කළ හැකියාව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19) රාත්‍රියේ...

වසන්ත මුදලිගේ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා...

කුවේට් නව ශ්‍රී ලංකා තානාපතිවරයාට කාරක සභාවේ අනුමැතිය

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ් අනුව කුවේට් රාජ්‍යයේ නව ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස...

POPULAR ARTICLES

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රනිල්ට උදව් කරන්න කියලා ගෝඨා මට කෝල් දෙනවා

0
රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. තමන් ක්‍රිකට්...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...