මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 785 ක් දක්වා ඉහළ ගොස් ඇත.
පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන් 191ක්, කොළඔ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් 64ක්, බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 90ක්, ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් 24ක්, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 122ක් සහ වේල්ලවීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 10ක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ඇති පොලිස් ස්ථාන විශාල ප්‍රමාණයක නිලධාරීන්ට මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇත.
අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරියෙකු පැවසූවේ අසාදිත නිලධාරීන්ගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බවය.