29.7 C
Colombo
Tuesday, April 15, 2025

ෆේස්බුක් ගිණුම් සහ පරිශීලකයන් පිළිබඳ ශ්‍රී ලංකා රජය කළ විමසීම්වල කිසිම පදනමක් නැහැ – ෆේස්බුක් සමාගම

- Advertisement -

මෙරට ෆේස්බුක් පරිශීලක ගිණුම් සහ පරිශීලකයින් පිළිබඳ තොරතුරු විමසමින් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම් 55 කට ෆේස්බුක් සමාගම කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බව එම සමාගමේ නවතම පාරදෘෂ්‍ය වාර්තාවක් පෙන්වා දෙයි.

ඒ අනුව 2020 දෙසැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා රජයෙන් ෆේස්බුක් වෙත ලැබී තිබුණු ඉල්ලීම් සංඛ්‍යාව 57ක් වේ.

එම ඉලීම්වලින් 44 ක් ෆේස්බුක් වෙතින් දත්ත ලබා ගන්නා නෛතික ක්‍රියාවලිය ඔස්සේ සිදු කෙරුණු ඉල්ලීම් වන අතර ඉතිරි 11 හදිසි අනාවරණය කර ගැනීමේ ඉල්ලීම මත සිදු කෙරුණු ඉල්ලීම් වේ.

එම ඉල්ලිම් අතර පරිශීලකයන් සහ ගිණුම් පිළිබඳ කෙරුණු විමසීම් 70ක් වන බව අදාළ වාර්තාව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කරමින් ෆේස්බුක් සමාගම වැඩිදුරටත් පවසා ඇත්තේ අදාළ නීති සහ අපගේ කොන්දේසිවලට අනුකූල දත්ත සඳහා පමණක් ෆේස්බුක් ආයතනය රජය වෙත ප්‍රතිචාර දක්වන බවයි.

ලැබෙන සෑම ඉල්ලීමක් පිළිබඳවම නීතිමය වශයෙන් ප්‍රවේශමෙන් සමාලෝචනය සිදු කරන බවත් ඕනෑවට වඩා පුළුල් සහ අපහැදිලි ලෙස පෙනෙන ඉල්ලිම් ප්‍රතික්ෂේප කරන බව ද සමාගම දන්වා තිබේ.

මීට ඉහත අවස්ථාවල දී ශ්‍රී ලංකා රජයෙන් කෙරුණු ඇතැම් ඉල්ලීම් සලකා බලමින් ප්‍රතිචාර දැක්වූ බව ෆේස්බුක් ආයතනය පවසා තිබේ.

මෙරට රජය විසින් සිදුකෙරුණු විමසීම්වලට ෆේස්බුක් ආයතනය එලෙස ප්‍රතිචාර දී තිබිය දී සමාජ මාධ්‍ය පරිශීලකයන් පසුපස හඹා යෑමට රජය මේ වන විවිධ ආකාරයෙන් කටයුතු කරමින් සිටියි.

අන්තර්ජාලය ඔස්සේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර කර මහජනතාව මුලා කිරීමට කටයුතු කරන පිරිස් සෙවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට භාරදීමට රජය කටයුතු කර තිබෙන අතර මේ වන විටත් සමාජ ක්‍රියාකාරිකයකු වන තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් මැතිව් අත් අඩංගුවට ගැනීමට ද කටයුතු කර තිබේ.

ෆේස්බුක් සමාගම මේ පිළිබදව ඉදිරිපත් කල වාර්තාව පහත සබැදියෙන්,
https://transparency.fb.com/data/government-data-requests/country/lk

RECENT ARTICLES - SINHALA

කාමරයක සිරකල දරුවෙකු බිමට පැනීම ගැන තවත් තොරතුරු

කෙසෙල්වත්ත, පීර්සයිබු වීදියේ පිහිටි වෙළෙඳසැලක් වෙත පසුගිය 13 වනදා දහවල් කාලයේ යමින් සිටි කුඩා දරුවන් කණ්ඩායමක එක් දරුවෙකු අසල වූ තෙමහල් නිවසක යකඩ ගේට්ටුවකට...

බූස්ස හිටපු අධිකාරී ඝාතනය: ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (15) ව්‍යාජ විදෙස්...

චතුරංගට අපහාස කරලා – CCIDයට පැමිණිල්ලක්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාට සමාජ මාධ්‍යවලින් අපහාස සිදු කර ඇතැයි පවසමින් ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක්...

POPULAR ARTICLES

කාමරයක සිරකල දරුවෙකු බිමට පැනීම ගැන තවත් තොරතුරු

කෙසෙල්වත්ත, පීර්සයිබු වීදියේ පිහිටි වෙළෙඳසැලක් වෙත පසුගිය 13 වනදා දහවල් කාලයේ යමින් සිටි කුඩා දරුවන් කණ්ඩායමක එක් දරුවෙකු අසල වූ තෙමහල් නිවසක යකඩ ගේට්ටුවකට...

බූස්ස හිටපු අධිකාරී ඝාතනය: ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (15) ව්‍යාජ විදෙස්...

අවුරුදු අනතුරුවල අඩුවක්

පසුගිය උත්සව සමයේදී සිදුවූ විවිධ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 412ක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ...