29.1 C
Colombo
Saturday, April 12, 2025

හැරී සහ මේගන්ගේ අලුත උපන් බිළිඳිය පිළිබඳ වර්ගවාදී ප්‍රකාශ සිදුකළ ටෙලිග්‍රාප් මාධ්‍යවේදිනිය සේවයෙන් නෙරපා දමයි

- Advertisement -

ටෙලිග්‍රාප් තීරු ලිපි රචිකාවක් වන ජුලී බර්චිල් (Julie Burchill), මේගන් මර්කල් සහ හැරී කුමරුගේ අලුත උපන් බිළිඳිය වන ලිලීබෙට් ගැන කළ “ජාතිවාදී” ට්වීට් ප්‍රකාශයක් හේතුවෙන් ටෙලිග්‍රාප් වෙතින් නෙරපීමට කටයුතු කර තිබේ.

ලොස් ඇන්ජලීස් හි උපත ලැබූ හැරී සහ මේගල් යුවළගේ දියණියට නම් තැබීමෙන් පසුව ලේඛිකාව සිදු කළ “අපහාසාත්මක” අදහස් මාලාවක් මෙම ඉවත් කිරීමට හේතු වී ඇත.

ලිලිබෙට් ඩයනා ලෙස බිළිඳියට නම් තැබීම දෙමව්පියන්ට මඟ හැරුණු අවස්ථාවක් බව ඇය විසින් සිදු කළ ටිවීට් පණිවුඩයේ සඳහන් කර තිබිණි.ලොව පුරා විරෝධතා අවුලවමින් මිනියාපොලිස් හි පොලිස් නිලධාරියකු විසින් ඝාතනය කරනු ලැබූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගැන සඳහන් කරමින් බිළිඳිය ජෝර්ජිනා ෆ්ලොයිඩිනා ලෙස හැඳින්විය හැකි බව ද ඇය පවසා තිබේ

මෙම සිදුවීමට පෙර බිළිඳියගේ නම පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශ සිදු කළ නීතිඥවරියකගේ සේවය ද අත් හිටුවීමට කටයුතු කරන ලදී.මේගන් ගේ කළු ජාතික සම්භවයක් ඇති මව ගැන සඳහන් කරමින් දියණියට කළු ජාතික නමක් තැබිය හැකි දැයි ඇය විමසා සිටියාය

කාන්තාවන් දෙදෙනාගේ ප්‍රකාශයන් බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වී ඇතැයි පැවසේ.

RECENT ARTICLES - SINHALA

සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් හදිසි ඇමතුම් අංකයක්

සමුද්‍රීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හිදී වහාම ප්‍රතිචාර දැක්වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා...

ලාංකික කතකට ලිංගික අතවර කළැයි ඉන්දීය ජාතිකයෙක් අල්ලයි

ඩුබායි සිට කටුනායක බලා පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවකට ලිංගික අතවර සිදුකළ බවට ඉන්දීය ජාතිකයෙක් ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද (12) උදෑසන අත්අඩංගුවට ගෙන...

අස්වැසුම්ලාභීන්ට බැංකු ගිණුම් හා හැඳුනුම්පත් නැහැ

අස්වැසුම ප්‍රතිලාභීන්ට ජාතික හැඳුනුම්පත් සහ බැංකු ගිණුම් නොමැති වීම වැනි පරිපාලනමය ගැටලු හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ අරමුදල් ණය පහසුකම් වැඩසටහනට අදාළ සමාජ ආරක්ෂණ...

POPULAR ARTICLES