28 C
Colombo
Monday, September 23, 2024

Breaking: නව ජනාධිපති මෙන්න

- Advertisement -

ශ්‍රී ලංකාවේ නව වන ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පැවති ජනාධිපතිවරණයෙන් තේරී පත්වී ඇති බව මැතිවරණ කොමිසම මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

පැවති ජනාධිපතිවරණයේදී 50% ක ඡන්ද ප්‍රතිශතයක් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම ලබා නොගත් බැවින් ඉතිහාසයේ ප්‍රථම වරට දෙවන මනාපය ගණන් කර ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම මෙම ජනාධිපතිවරණයේදී සිදුවුණා.

එහිදී පළමු වටයේදී අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5,634,915 ක්ද සජිත් ප්‍රේමදාස මහතා 4,363,035 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තා.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා 42.31% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර සජිත් ප්‍රේමදාස මහතා 32.76% ක ප්‍රතිශතයක් ලබාගනු ලැබූවා.

මේ හේතුවෙන් දෙවන මනාපය ගණනය කිරීමට සිදුවූ අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා 167,867 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 105,264 ක ප්‍රමාණයක් ලබාගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නව වන ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පැවති ජනාධිපතිවරණයෙන් තේරී පත්වී ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ සියලු අපේකෂකයන් ලබාගත් ඡන්ද මෙන්න

2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915ක්. එය ප්‍රතිශතයක් ලෙස 42.31%ක්. දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතා...

ජනාධිපතිවරණයේ දෙවනවර ගණනය කිරීමේ ප්‍රතිඵල

2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීමේ කටයුතු අද (22) සවස ආරම්භ කළ අතර දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල ඡන්ද...

පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින්

නව ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව හැකි පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

POPULAR ARTICLES

රනිල්ගෙන් ගැසට්ටුවක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණා. මෙම...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

පොහොට්ටුවේ පිරිසකට වැඩ වැරදියි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු අත්හිටුවා තිබෙනවා. ඒ, ජනාධිපතිවරණයේදී පක්ෂ තීරණයට පටහැනිව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ...