26 C
Colombo
Monday, December 30, 2024

නාමල්ගේ තුන අපිට ඇති-තිස්සකුට්ටිආරච්චි

- Advertisement -

අනුර කුමාර දිසානායක මහතා 42%ක ජන්ද ප්‍රමාණයක් ගත්තද 52%ක් පවතින්නේ පිටත නිසා පවතින අපැහැදිලි දේශපාලන වාතාවරණය තුළ නාමල් රාජපක්ෂ මහතා ලබා ගත් ලක්ෂ තුනහමාරක ජන්ද ප්‍රමාණය ප්‍රමාණවත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

”පරාජයක් දැනෙන්නේ නෑ. ඕක තමයි දේශපාලනයේ තත්ත්වය. කෙසේවෙතත් අලුතෙන් පත්වුණ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපි හදවතින්ම සුභ ප්‍රර්ථනා කරනවා. මගේ ජන්දය දුන්නේ නාමල් රාජපක්ෂ මහත්මයට. මම විශ්වාස කරනවා නාමල් රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපති වුණානම් තරුණයෙක් විදිහට අපි විශ්වාස කරනවා මේ රට ඉස්සරහට යනවා කියල. නමුත් ජනතා මතයට අනුව ජනාධිපති ලෙස පත්වුණේ අනුර කුමාර දිසානායක මහත්මා රට වෙනුවෙන් ගන්න හොඳ වැඩවලට අපි ධනාත්මක පිළිතුරු ලබා දෙනවා සහ අපි ඒ අයට උදව් කරනවා. අපි බලාගෙන ඉන්නවා අනුර කුමාර මහත්තයා කොහොමද ඉස්සරහට වැඩකරන්නේ කියල. පොරොන්දු ගොන්නක් එක්ක ආපු ජනාධිපතිවරයෙක්. අපි කවුරුත් කැමති රට හැදෙනවට. අපේ රට සිංගප්පුරුවක්, මැලේසියාවක්, යුරෝපයක් වෙනවට කැමති මිනිස්සු අපි.”

කුමන මොහොතක හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එම මැතිවරණයට ද සූදානම් බවත් නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ජනාධිපති කරවීම වෙනුවෙන් අවශ්‍ය මූලික කටයුතුද සිදුකරන බවත් තිස්සකුට්ටිආරච්චි මහතා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මානව හිමිකම් කොමිසමට කැඳවලා

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හට සරණාගතයන් හමුවීමට යෑමට ඉඩ නොදීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් හෙට (31) උදෑසන...

ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම ගැන විශේෂ ගැසට්ටුවක්

අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසිනුයි මෙම ගැසට්...

මීගොඩ – පනාගොඩ වෙඩි තැබීමට සැකකරු දෙන්නෙක් අත්අඩංගුවට

මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද (30) අත්අඩංගුවට...

POPULAR ARTICLES