27 C
Colombo
Tuesday, September 24, 2024

කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්

- Advertisement -

කුඩාවැල්ල ධීවර වරායෙන් එක් දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ අතුරුදහන්ව තිබෙන බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසනවා.

නාකුලුගමුව සීනිමෝදර බටහිර මල්ගම්පුර පදිංචිකරුවෙකුට අයත් මිහින්දි නමැති එක්දින ධීවර යාත්‍රාව මෙලෙස අතුරුදහන්ව තිබෙනවා.

කුඩාවැල්ලේ පදිංචි වයස අවුරුදු 20, 23, 30 වයසේ පසුවන ධීවර තරුණයින් තිදෙනකු අතුරුදහන්ව තිබෙන බව අද (23) එම ධීවරයින්ගේ පවුලේ අය පැමිණ තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබුණා .

අතුරුදහන් ධීවර යාත්‍රාව සොයා වෙනත් බහුදින ධීවර යාත්‍රා කිහිපයක් යොදවා සොයා බැලීම් කරන බවද සිද්ධිය පිලිබදව නාවික හමුදාව දැනුම්වත් කල බවද කුඩාවැල්ල ධීවර වරායේ නිළධාරියෙක් සඳහන් කරනවා.

තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

RECENT ARTICLES - SINHALA

රනිල් සජිත් එකගෙයි කෑමේ සුදානමක්

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

ඇමතිකම දාලා කංචන ගෙදර ගිහින්

විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර සිය අමාත්‍යාංශයෙන් ඉවත් ගොස් තිබෙනවා. අමාත්‍යවරයා සිය ඉවත්වීම නිල X ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර...

ජනාධිපති පෞද්ගලික ලේකම් පත්කරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින්

නව ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව හැකි පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

රනිල්ගෙන් ගැසට්ටුවක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණා. මෙම...

අගමැතිනිය වීම ගැන හරිනිගෙන් උත්තරයක් (වීඩියෝ)

අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ජාතික ජන...