30 C
Colombo
Tuesday, September 24, 2024

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අවුල ගැන අංශ කිහිපයකින් පුළුල් විමර්ශන

- Advertisement -

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශන සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ, එම විමර්ශනවල කරුණු සලකා බලා ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි.

කෙසේවෙතත් විමර්ශනවලින් අනතුරුව සාධාරණ විසඳුමකට එළැඹීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර, ඊයේ දිනයේ දී ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා ඔක්තොම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාර කර කෙරුණා.


RECENT ARTICLES - SINHALA

බස්නාහිර පළාත් ආණ්ඩුකාරයත් ඉල්ලා අස්වෙලා

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් රොෂාන් ගුණතිලක මහතා ඉල්ලා අස්වී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකරමින් ඒ මහතා ඉල්ලා අස්වෙන බව දැනුම්දී තිබුණා. 2020.03.25...

කොට්ටාවේදි දුම්රිය එන්ජිමක් තනියෙම ගිහින්

කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක එන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරිවලින් වෙන් වී ඉදිරියට ධාවනය වී තිබෙනවා. කොස්ගම වග...

ජනපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් ගැන තීරණයක්

ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, 12.5% ඉක්ම වූ ඡන්ද...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින්

නව ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව හැකි පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

අගමැතිනිය වීම ගැන හරිනිගෙන් උත්තරයක් (වීඩියෝ)

අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ජාතික ජන...

58%ක් ඡන්දෙ දුන්නෙ අනුරට එරෙහිව – චම්පික

ජනාධිපතිවරණය,  42% ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානයක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සුබ පතන අතරම ඡන්දදායකයින්ගෙන් 58%ක් ඔවුන්ට...