30 C
Colombo
Tuesday, September 24, 2024

විජිත හේරත්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

- Advertisement -

පසුගිය යහපාලන රජය සමයේ ගොනුකෙරුණු අල්ලස් නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට නොවැම්බර් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී එම නඩුවේ පැමිණිලිකරු වන විජිත හේරත් මහතා සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටියා.

එම අවස්ථාවේදී විජිත හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් දිවුරුම්දීමට ඇති නිසා සාක්ෂි දීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබුණා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණය විජිත හේරත් මහතාට සාක්ෂි දීම සඳහා යළි නොවැම්බර් මස 29 වනදා පෙනී සිටින ලෙස නියෝග කළා.

2010 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රවර්ධන කටයුතුවල දී පුද්ගලික සමාගමක් සමඟ ඇති කර ගත් එකඟතාවය රුපියල් මිලියන 64ක මුදලක් රජයට පාඩු කළේ බවට, චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අලුත් අගමැති මෙන්න

නව රජයේ අගමැති ලෙස හරිනි අමරසූරිය මහත්මිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව, මෙරට 09 වැනි විධායක ජනාධිපති ලෙස තෙරි පත් වූ...

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පැනලා

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ මගී සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරියක් පීලි පැන තිබෙනවා. 1596 දරන බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ මගී...

බස්නාහිර පළාත් ආණ්ඩුකාරයත් ඉල්ලා අස්වෙලා

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් රොෂාන් ගුණතිලක මහතා ඉල්ලා අස්වී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකරමින් ඒ මහතා ඉල්ලා අස්වෙන බව දැනුම්දී තිබුණා. 2020.03.25...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින්

නව ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව හැකි පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

අගමැතිනිය වීම ගැන හරිනිගෙන් උත්තරයක් (වීඩියෝ)

අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ජාතික ජන...

58%ක් ඡන්දෙ දුන්නෙ අනුරට එරෙහිව – චම්පික

ජනාධිපතිවරණය,  42% ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානයක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සුබ පතන අතරම ඡන්දදායකයින්ගෙන් 58%ක් ඔවුන්ට...