29 C
Colombo
Tuesday, September 24, 2024

සජබ අගමැති අපේක්ෂකයා මෙන්න

- Advertisement -

රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වී තරග කළේ නම් සජිත් ප්‍රේමදාස මහතාට මෙවර මැතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබූ බවට පැවසෙන ප්‍රකාශ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා අද (24) ප්‍රතිචාර දැක්වා තිබෙනවා.

එහිදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවේ,

“අංක ගණිතය පමණක් බැලුවොත් එවන් විග්‍රහයකට යන්න පුළුවන්. නමුත් ගැඹුරු දේශපාලන විශ්ලේෂණයකට ගියොත් පැහැදිලියි.. ඒක සත්‍යයක් යථාර්තයක් නෙමෙයි කියලා.”

“අපි සමගි ජන සන්ධානය ලෙස ඉදිරියට යනවා. ඒ සමග ජනතාව පිළිගන්න පුද්ගලයන්ට අත්වැල් බැඳගැනීමට පුළුවන්.”

“අද සමගි ජන බලවේගයේ සියලුම ආසන සංවිධායකවරුන්, සියලුම මන්ත්‍රීවරුන් ඒකමතිකව මට යෝජනා කළා අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්න…මගේ නායකත්වයෙන්.”

RECENT ARTICLES - SINHALA

රනිල් ආයේ නැහැ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත මැතිවරණ වලට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා. වික්‍රමසිංහ මහතා මැතිවරණවලට ඉදිරිපත් වූයේ...

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත් පොතුහැර පොලිසියේ සැරයන්වරයා ලබන 08 දින දක්වා රක්ෂිත...

නව ලේකම්වරුන් පත් කෙරේ

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින්

නව ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව හැකි පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

අගමැතිනිය වීම ගැන හරිනිගෙන් උත්තරයක් (වීඩියෝ)

අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ජාතික ජන...

58%ක් ඡන්දෙ දුන්නෙ අනුරට එරෙහිව – චම්පික

ජනාධිපතිවරණය,  42% ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානයක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සුබ පතන අතරම ඡන්දදායකයින්ගෙන් 58%ක් ඔවුන්ට...