28 C
Colombo
Wednesday, September 25, 2024

නජිත්ටත් අනුර තනතුරක් දීලා

- Advertisement -

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති මාධ්‍ය අංශයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ගෙන ඇති නජිත් ඉන්දික මහතා, හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

පසුගිය වසර 05 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ ආයතන භාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස ඔහු සේවය කර තිබෙනවා.

නජිත් ඉන්දික මහතා කලක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ අතරම 2014 වසරේදී  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරිකයෙකු වශයෙන්ද කටයුතු කළා.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු තනතුර  මෙහෙයවූ පළමුවෙනි වෛද්‍ය ශිෂ්‍යයා වූයේද ඔහුයි.

RECENT ARTICLES - SINHALA

Breaking: මහමැතිවරණය පවත්වන දිනය මෙන්න

මහ මැතිවරණය ලබන නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමටත්, නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් මස 04 වැනිදා සිට 11 වැනිදා දක්වා සිදුකිරීමටත් නියම කර තිබෙනවා. අද (24) මධ්‍යම...

මම ඉන්න පැත්ත පරදිනවා කියන අයව අංගොඩ යවන්න ඕනේ

සමගි ජන සන්ධානය කිසිවෙකුගේ වලිගයක් වීමට සූදානම් නොමැති බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු...

Breaking:පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් තබා තිබෙනවා. මෙම ගැසට් නිවේදනය අද (24) මධ්‍යම රාත්‍රියේදී මුද්‍රණය සඳහා යැවීමට නියමිත...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින්

නව ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව හැකි පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

අගමැතිනිය වීම ගැන හරිනිගෙන් උත්තරයක් (වීඩියෝ)

අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ජාතික ජන...

58%ක් ඡන්දෙ දුන්නෙ අනුරට එරෙහිව – චම්පික

ජනාධිපතිවරණය,  42% ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානයක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සුබ පතන අතරම ඡන්දදායකයින්ගෙන් 58%ක් ඔවුන්ට...