29 C
Colombo
Saturday, December 21, 2024

අපි හැමෝම අනුරට සහය දෙන්න ඕන-වජිර

- Advertisement -

ජනාධිපතිවරණයෙන් ලද ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා

වජිර මහතා පවසා සිටියේ රනිල්ගේ වැඩ සටහනට වඩා අනුරගේ වැඩසටහන ගැන ජනතාව විශ්වාසය තබා තිබෙන බවයි

නැවත පෝලිම් යුගයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇති බව ඔහු තවදුරටත් පවසා සිටියා.

“රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඔහුට ඡන්දය දුන් සැමට සිය ස්තුතිය පළ කර තිබෙනවා. ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විවිධ දේශපාලන මත දරන කණ්ඩායම් සිය ඡන්දය භාවිත කළා.වර්තමානයේ 42%ක ජන වරමක් ලබා දෙමින් අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයාට ශ්‍රී ලාංකික මහජනතාව විසින් විශාල වගකීමක් පවරා තිබෙනවා. එම වගකීම ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාල සීමාවක් ලබාදිය යුතුව තිබෙනවා. ඉදිරියේ දී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන කණ්ඩායමට සියලු දේශපාලන පක්ෂ ලබා සහයෝගය දිය යුතුව තිබෙනවා” යි මන්ත්‍රීවරයා සඳහන් කරනවා”

RECENT ARTICLES - SINHALA

වසරේ ගතවූ කාලයට ඩෙංගු රෝගීන් 47,599ක්

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,599 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 20,519ක් බව සඳහන්. එහිදි කොළඹ...

ජනපති ලබන මාසයේ චීනයට

2025 ජනවාරි මාසයේ මැද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සංචාරයක යෙදීමට නියමිතව තිබෙනවා. ජනපති අනුර කුමාර දිසානයක මහතා ඊයේ (20) පස්වරුවේ මල්වතු මහ විහාරයට...

බස්නාහිර පාසල් ගුරුවරුන්ටත් ටියුෂන්වලට සීමා

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට අදාළව සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්...

POPULAR ARTICLES

මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව මේ වනතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු පොලිසියට ලබා දීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි...

වසරේ ගතවූ කාලයට ඩෙංගු රෝගීන් 47,599ක්

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,599 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 20,519ක් බව සඳහන්. එහිදි කොළඹ...

පාකිස්තාන හමුදාවට තලේබාන් ප්‍රහාරයක්

තලේබාන් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පාකිස්තාන හමුදා සාමාජිකයින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඉස්ලාමාබාද් - ඇෆ්ගනිස්තාන දේශසීමාව අසල හමුදා මුරපොළකට තලේබාන් සංවිධානය...