28.2 C
Colombo
Wednesday, April 9, 2025

ඉන්දියාවේ සංක්‍රමණිකයන් පිරිසක් රැගෙන ගිය බස් රථය අනතුරට ලක් වී 17 ක් ජීවිතක්ෂයට

- Advertisement -

කොවිඩ්-19 සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු සංක්‍රමණිකයන් පිරිසක් රැගෙන ඉන්දියාවේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටි බස් රථයක් වෑන් රියක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලක්නව් සිට දිල්ලිය බලා ගමන් කළ බස් රථය කාන්පූර් ප්‍රදේශයේ දී වෑන් රථයේ ගැටී පෙරළී යාමෙන් අනතුර සිදු විය.අනතුරෙන් තුවාල ලැබූ තවත් 18 දෙනෙකු රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

මෙම සංක්‍රමණික කම්කරුවන් පිරිස කර්මාන්ත ශාලා නැවත විවෘත කිරීමෙන් පසු රාජකාරී ආරම්භ කිරීම සඳහා ගුජරාට් ප්‍රාන්තයේ අහම්දාබාද් වෙත යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී තිබේ.බස් රියේ ගැටුණු වෑන් රියේ කම්කරුවන් පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර අනතුරෙන් මියගිය වැඩි පිරිස මෙම වෑන් රියේ ගමන් කරමින් සිටි අය බව මාධ්‍ය වාර්තා පවසයි

මියගිය පුද්ගලයින්ගේ පවුල් වෙත රු ලක්ෂ දෙක බැගින් වූ වන්දි මුදලක් ලබා දෙන බව උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගි අදිත්‍යනාත් ප්‍රකාශ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

කෙහෙළිය CID යට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

සේවකයින් ඇඟලුම් ප්‍රධානියාව නිවාස අඩස්සියට අරන්

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු හේතුවෙන් අවුරුදු බෝනස් දීමනාව ලබාදීමට නොහැකි බව පැවසීම හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක ආයතන ප්‍රධානියාව නිවාස අඩස්සියේ තබා...

ජාතික රෝහලේ හදිසි අනතුරු විකිරණ පරීක්ෂණ නවතී

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතරු ඒකකයේ විකිරණ පරීක්ෂණ සම්පූර්ණයෙන් අඩාල වී තිබෙනවා. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම කියා සිටියේ, ක්‍රියාකාරී තත්වයේ පැවති...

POPULAR ARTICLES