26.9 C
Colombo
Friday, March 14, 2025

සිසුවියක් හෝටල් කාමරයට රැගෙන ගිය විදුහල්පතිවරයකුට එරෙහිව දෙමාපියන් පාරට

- Advertisement -

උසස් පෙළ සිසුවිය හෝටල් කාමරයට රැගෙන ගිය දිප්පිටිය නගරයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකුට නිතීය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එම පාසලේ දෙමාපියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

මෙම සිදුවිම හෙළිදරව් විමෙන් පසුව සැකකාර විදුහල්පතිවරයා අත්අංඩගුවට ගෙන පසුගිය 19 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

එහිදි විදුහල්පතිවරයා වැඩිදුර පරීක්ෂණ සිදු නොකර නිදහස් කර ඇති බවට දෙමාපියන් විසින් චෝදනා කරනවා.

තිදෙරු පියෙකු වන මෙම විදුහල්පතිවරයාට වයස අවුරුදු 42ක්.

එමෙන්ම මෙම සැකකාර විදුහල්පතිවරයා විසින් සිසුවියට ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු කියා දෙන බව පවසමින් මෙලෙස සිසුවිය රවටා හෝටලයකට රැගෙන ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් දරුවන්ගේ දෙමාපියන් සඳහන් කරන්නේ අදාළ විදුහල්පතිවරයා මේ වන විටත් පාසලේ සේවයට පැමිණෙන අතර ඔහු වෙනුවෙන් පාසලේ තවත් ගුරුවරු පිරිසක් සහයෝගය දක්වන බවයි.

ඔහු පාසලේ තවදුරටත් තබා ගැනීම හරහා දරුවන් අනාරක්ෂිත බැවින් ඔහුට විරුද්ධව නිතීය ක්‍රියාත්මක කර සාධාරණ විසදුමක් ලබා දෙන ලෙස දෙමාපියන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...