27 C
Colombo
Thursday, October 3, 2024

තැන තැන දාලා ගියපු රජයේ වාහන ගැන තීරණයක්

- Advertisement -

පසුගිය රජයන් මගින් භාවිතා කළ අති සුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන් වෙත ලබාදීමට ජනපතිගෙන් උපදෙස් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, වාහන අවභාවිතාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ෂණයක් ආරම්භකර ඇති බවයි.

එම නිවේදනයේ සඳහන්වන පරිදි ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහතා පවසා ඇත්තේ, ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීම සම්බන්ධයෙන් පූර්ණ සමාලෝචනයක් සිදුකර ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ, ගාලු මුවදොර භූමිය ඇතුළු ස්ථාන කිහිපයක නවතා ඇති වාහන සම්බන්ධව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (26) එම පරිශ්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ජනාධිපති කාර්යාලය සතුව පවතින වාහන 833 අතරින් වාහන 29ක් අතුරුදන්ව ඇති බව එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

විවිධ ආයතනවලින් ලබාගත් වාහන 59ක් ජනාධිපති කාර්යාලය හරහා තම හිතවතුන්ට ලබාදී ඇති බවත්, වාහන ආනයනය කිරීම තහනම් කළ කාලසීමාව තුළ පමණක් ජනාධිපති කාර්යාලයට වාහන 16ක් ගෙන්වා ඇති බව අනාවරණය වී ඇති බවත් ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ගෑස් සිලින්ඩරය යළි පිටියට

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට එකඟවී තිබෙනවා. අදාළ...

විභාග දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කරන්න – ජෝසප් ස්ටාලින්

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ අර්බුදයට නිසි විසඳුමක් ලබාදීමට නම් විභාග දෙපාර්තමේන්තුව පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්...

හෙට බාර් වහලා

දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන හෙට (03) දිනයේ වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

ශානිටත් ආණ්ඩුවෙන් තනතුරක්

0
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ්‍ය ශානි අබේසේකර මහතාට නව රජයෙන් තනතුරක් ලබාදීමට සූදානම් වන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. ඒ අනුව එළැඹෙන දින කිහිප...

සිරිමාවෝ විදුහලේ අමුතු තාලේ මුදල් එකතු කිරීමක්

0
ලෝක ළමා දිනය මුල්කර ගනිමින් කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකා සංසදය අමුතු තාලයේ මුදල් එක්රැස් කිරීමක් සූදානම් කර තිබෙනවා. ඒ අනුව ළමා දිනය නිමිත්තෙන්...