30 C
Colombo
Saturday, September 28, 2024

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් මිලියන 62ක වන්දි ගෙවා අවසන්

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ නඩුවට අදාළව මේ වනවිට වන්දි මුදලින් රුපියල් මිලියන 246ක් හානි පූර්ණ කාර්යාලය වෙත ලැබී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසනවා.

මේ වන විට ඉන් රුපියල් මිලියන 62ක් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් ගෙවා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (27) දිනයේදී කරුණු දක්වමින් ඔහු සඳහන් කර තිබෙනවා.

මෙහිදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා මහතා අධිකරණයට පැවසුවේ දැනට වන්දි මුදල් හිමිවූ වින්දිතයින්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන්නේ නම් දැනට දිසා අධිකරණවල පවතින වන්දි නඩු ඉල්ලා අස්කර ගත හැකි බවයි.

මේ අතර වින්දිතයින් දැමූ වන්දි නඩු 300ක් පමණ මීගමුව සහ කොළඹ දිසා අධිකරණවල විභාග වෙමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට අලුත් සභාපතිවරයෙක්

ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට තෝරාපත්කර තිබෙනවා. එමෙන්ම එම සංගමයේ උප සභාපති ලෙස රාසික් සරුක් පත් කර තිබෙනවා.

මර්දනකාරී අණපනත් අහෝසි කරන්න – අනුරට ඉල්ලීමක්

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නම් මර්දනකාරී අණපනත් අහෝසි කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නව ජනපති අනුර කුමාර දිසානයක මහතා වෙත අවධාරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත්...

සෞදියේ වසර 28ක් සිරකර සිටි ලාංකික කතක් ගැන විමර්ශන

සෞදියේ නිවසක වසර 28කට ආසන්න කාලයක් සිරකර සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ,...

POPULAR ARTICLES

හොරු අල්ලන්න ආපු විජිත (Photo)

0
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ඊයේ(25) කොළඹ චීන තානාපති කාර්යාලය විසින් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සඳුදාට (30) පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඔහු සඳහන්...

සාමාන්‍ය පෙළ කළ සිසුන්ට සුබ ආරංචියක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඒ අනුව,...