27.6 C
Colombo
Saturday, November 23, 2024

මහ මැතිවරණයට එක් කණ්ඩායමකින් ඇප තියලා

- Advertisement -

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ස්වාධින කණ්ඩායමක් අද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ප්‍රකාශ කළේ, මෙවර මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ පළමු කණ්ඩායම මෙය බවයි.

මේ අතර, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, නියෝජ්‍ය කොමසාරිස්වරුන් අතර සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද කැඳවා තිබුණා.

එහිදී පාර්ලිමේන්තු මැතිවරණ සඳහා වැය වන පිරිවැය පිළිබඳව ද අවසන් එකඟතාවයකට එළඹීමට නියමිත බව සඳහන්.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් බිලියන 11ක් වැයවනු ඇති බවට දළ වශයෙන් ගණන් බලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

වේයන්ගොඩ නිධානය සොයා කළ කැණීම් අවසන්

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අද පස්වරු 4ට අවසන්...

POPULAR ARTICLES