27 C
Colombo
Thursday, October 3, 2024

තැන තැන දාලා ගියපු රජයේ වාහන 107කගේ තොරතුරු එළියට

- Advertisement -

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල්කර ඇති වාහන සම්බන්ධයෙන් පළවන මත පිළිබඳ ජනාධිපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ, නව ජනාධිපතිවරයා පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ සිදුකළ දැනුම්දීම පරිදී ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල්කර ඇති බවයි.

එසේම මෙම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල්කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ මෙතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩනොමැති නිසා බව එම නිවේදනයේ දැක්වෙනවා.

නමුත් එය කිසිසේත් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් තබා නැති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබෙනවා.

එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන නොවන අතර හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලය තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන බවයි.

එම රථ වාහන භාවිත කළ අයගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින් දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

ගෑස් සිලින්ඩරය යළි පිටියට

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට එකඟවී තිබෙනවා. අදාළ...

විභාග දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කරන්න – ජෝසප් ස්ටාලින්

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ අර්බුදයට නිසි විසඳුමක් ලබාදීමට නම් විභාග දෙපාර්තමේන්තුව පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්...

හෙට බාර් වහලා

දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන හෙට (03) දිනයේ වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

ශානිටත් ආණ්ඩුවෙන් තනතුරක්

0
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ්‍ය ශානි අබේසේකර මහතාට නව රජයෙන් තනතුරක් ලබාදීමට සූදානම් වන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. ඒ අනුව එළැඹෙන දින කිහිප...

සිරිමාවෝ විදුහලේ අමුතු තාලේ මුදල් එකතු කිරීමක්

0
ලෝක ළමා දිනය මුල්කර ගනිමින් කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකා සංසදය අමුතු තාලයේ මුදල් එක්රැස් කිරීමක් සූදානම් කර තිබෙනවා. ඒ අනුව ළමා දිනය නිමිත්තෙන්...