29 C
Colombo
Friday, October 4, 2024

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

- Advertisement -

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා.

මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ධුරය සඳහා පත් කෙරුණේ, පසුගිය රජය සමයේදී එම ධුරය දැරූ ප්‍රදීප් යසරත්න මහතායි.

කෙසේ වෙතත්, ප්‍රදීප් යසරත්න මහතා එම ධුරයෙන් ඉවත්වන බව, පසුගිය සිකුරාදා (27) අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී තිබුණා.

දෙසැම්බර් මාසයේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබු යසරත්න මහතා පෞද්ගලික අවශ්‍යතාවක් මත ඊට පෙර විශ්‍රාම ගැනීමට ඉල්ලිමක් කර තිබු බවයි පැවසෙන්නේ.

ඒ අනුව ඒ මහතා අද (30) දිනයේ සේවයෙන් විශ්‍රම ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ලේකම් ධුරය මේවන විට පුරප්පාඩු වී තිබෙන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

රාජිතගේ සුදු වෑන් නඩුව කල් ගිහින්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවෙන් විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස කෙරුණු ඉල්ලීම පිළිබඳ නියෝගය...

IMF නියෝජිත කණ්ඩායමෙන් නිවේදනයක්

මෙරට සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (04) සිය සංචාරය නිම කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා. IMFහි ආසියා - පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා...

රිවස් වුණ අජන්තගේ පත්විම

වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ ලිපියට අනුව මහජන සාමය කළමනාකරණ කොට්ටාශයේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙස පත්කළ අජන්ත රොද්‍රිගු නම් පොලිස් අධිකාරීවරයාගේ පත්විම අවලංගු කර තිබෙනවා. ඒ අනුව...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...