26.9 C
Colombo
Friday, March 14, 2025

තැපැල් ඡන්ද මුද්‍රණය කර අවසන්

- Advertisement -

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් මුද්‍රණය සම්පූර්ණයෙන් අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණාලය පවසනවා.

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, තැපැල් ඡන්ද අයැදුම්පත් ලක්ෂ 10ක් මුද්‍රණය කර ඇති බවයි.

ඒ අනුව, තැපැල් ඡන්ද අයැදුම්පත්වලින් කොටසක්, ‍ඊයේ (29) මැතිවරණ කොමිසමට භාර දී තිබෙනවා.

ඉතිරි කොටස, අද කොමිසමට භාරදීමට නියමිත යි.

2024 මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත්‍ භාර ගැනීම හෙටින් (01) ආරම්භ වනවා.

එය අවසන් වන්නේ, ලබන 8 වැනිදායි.

මේ අතර, මහ මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 14 වැනිදාට සතියකට පෙර සියලු මුද්‍රණ කටයුතු අවසන් කරන බව ද මුද්‍රණාලායාධිපතිනිය පැවසුවා.

නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ඡන්ද පත්‍රිකා, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඇතුලු සෙසු මුද්‍රණ කටයුතු ආරම්භ කරනු ලබනවා.

මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් 4 වැනිදා සිට 11 වැනිදා දහවල් 12 දක්වා සිදු වනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.