27 C
Colombo
Thursday, October 3, 2024

සිරිමාවෝ විදුහලේ අමුතු තාලේ මුදල් එකතු කිරීමක්

- Advertisement -

ලෝක ළමා දිනය මුල්කර ගනිමින් කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකා සංසදය අමුතු තාලයේ මුදල් එක්රැස් කිරීමක් සූදානම් කර තිබෙනවා.

ඒ අනුව ළමා දිනය නිමිත්තෙන් පාසල තුළ ක්‍රීඩා ඉසව් කිහිපයක් සංවිධානය කර ඇති අතර ඒ ඒ ක්‍රීඩාවේ නිරතවීම සඳහා සිසුවියන්ගෙන් මුදල් අය කෙරෙනවා.

Spinner Game සඳහා රුපියල් 50 ක්, Ring Toss සඳහා රුපියල් 60 ක්, Baloon Dart සඳහා රුපියල් 50 ක්, Marble Guess සඳහා රුපියල් 50 ක්, Hit the Wicket සඳහා රුපියල් 50 ක මුදලක් එක් සිසුවියකගෙන් අය කෙරෙන බවට අදාළ සංසදය දෙමාපියන් හට දැනුම්දී තිබෙනවා.

කෙසේවෙතත් පාසල් දරුවන්ගෙන් කවරාකාරයකින් හෝ මුදල් එක්රැස් කිරීම වරදක් වන අතර මෙය මුදල් නොමැති දරුවන් අපහසුතාවයට පත්කරන්නක්ද වනවා.

දරුවන්ගෙන් මුදල් එකරැස් කිරීම් නිතර වාර්තා වන කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලය සම්බන්ධයෙන් විෂය භාර අග්‍රාමාත්‍යවරිය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි දෙමාපියන්ද විමසිල්ලෙන් බලා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

ගෑස් සිලින්ඩරය යළි පිටියට

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට එකඟවී තිබෙනවා. අදාළ...

විභාග දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කරන්න – ජෝසප් ස්ටාලින්

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ අර්බුදයට නිසි විසඳුමක් ලබාදීමට නම් විභාග දෙපාර්තමේන්තුව පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්...

හෙට බාර් වහලා

දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන හෙට (03) දිනයේ වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

ශානිටත් ආණ්ඩුවෙන් තනතුරක්

0
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ්‍ය ශානි අබේසේකර මහතාට නව රජයෙන් තනතුරක් ලබාදීමට සූදානම් වන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. ඒ අනුව එළැඹෙන දින කිහිප...

සිරිමාවෝ විදුහලේ අමුතු තාලේ මුදල් එකතු කිරීමක්

0
ලෝක ළමා දිනය මුල්කර ගනිමින් කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකා සංසදය අමුතු තාලයේ මුදල් එක්රැස් කිරීමක් සූදානම් කර තිබෙනවා. ඒ අනුව ළමා දිනය නිමිත්තෙන්...