27.7 C
Colombo
Saturday, November 23, 2024

දකුණු අප්‍රිකානු මවක් දරුවන් දස දෙනෙකු බිහිකරයි

- Advertisement -

දකුණු අප්‍රිකානු කාන්තාවක් ළදරුවන් 10 දෙනෙකු බිහි කිරීමට සමත් වී ඇති අතර එය නව ලෝක වාර්තාවක් වනු ඇතැයි පැවසේ.

දරුවන් බිහිකර ඇත්තේ ගොසියාම් තමාරා සිතොල් (Gosiame Thamara Sithole) නැමති කාන්‍තාවකි.

ඇගේ ස්වාමිපුරුෂයා පවසා ඇත්තේ ස්කෑන් පරීක්ෂාවේ දී ගර්භාෂයේ දරුවන් අට දෙනෙකු පමණක් හඳුනාගත් නමුත් සියලු දෙනා මවිත කරමින් සිය බිරිඳ දරුවන් දස දෙනෙකු බිහි කර ඇති බවයි.

“ඇය පිරිමි ළමයි හත්දෙනෙක් සහ ගැහැණු ළමයි තිදෙනෙක් බිහිකළා. මම සතුටින්. මට වැඩිය කතා කරන්න බැහැ, ”ඇගේ සැමියා ටෙබෝහෝ සොටෙට්සි (Teboho Tsotetsi) සතුටින් පවසා තිබේ.

එක් දකුණු අප්‍රිකානු නිලධාරියෙක් BBC වෙත මෙම උපත තහවුරු කර ඇති නමුත් තවත් නිලධාරියෙක් පවසා ඇත්තේ ඔවුන් තවමත් ළදරුවන් දැක නොමැති බවයි.

ගිනස් කමිටුව මෙම සිදුවීම අධ්‍යයනය කරමින් සිටින බව ද BBC වෙත ප්‍රකාශ කර තිබේ.

එය බොහෝ විට ලෝක වාර්තාවක් වීමේ අවස්ථාව තිබේ.

RECENT ARTICLES - SINHALA

කොස්ලන්දේදී ගෙල කපා පුද්ගලයෙක් ඝාතනය කරලා

කොස්ලන්ද , හාමුදුරුකන්ද ප්‍රදේශයේදී ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා, පොලිසිය පැවසුවේ, තණමල්විල අරඹෙකෙම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනය කර ඇති...

IMF එකෙන් අලුත් ආණ්ඩුවට සුභාරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී...

සුව ඇමති සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර හමුවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස එම අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු පළමු වරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ඊයේ (22) දින සාකච්ඡා...

POPULAR ARTICLES