28.2 C
Colombo
Wednesday, April 9, 2025

සුපිරි බොලිවුඩ් නළු ගෝවින්දා ට වෙඩි වැදිලා

- Advertisement -

වෙඩි වැදීම හේතුවෙන් ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී ගෝවින්දා රෝහල් ගත කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ අද (01) උදෑසන සිය නීත්‍යානුකූල රිවෝල්වරය අත්වැරදීමකින් ක්‍රියාත්මක වී ඔහුගේම පාදයට වෙඩි වැදී ඇති බවයි.

වෙඩි වැදීමෙන් ඔහුගේ පාදයේ දණහිසට පහළින් තුවාල වී ඇති අතර පැයක පමණ කාලයක් පුරා සිදුකළ ශල්‍යකර්මයකින් පසුව ඔහුගේ පාදයෙන් වෙඩි උණ්ඩය ඉවත් කර ඇති බවට වාර්තා වනවා.

වෛද්‍යවරු පවසා ඇත්තේ මේ වනවිට ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් දින කිහිපයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව ඔහුට රෝහලෙන් පිටව යා හැකි බවත්ය.

මේ වන විට 60 වැනි වියේ පසු වන ගෝවින්දා බොලිවුඩ් සිනමාවේ Hero No.1 ලෙස අනුවර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබනවා.

1986 වසරේදී ඉන්දීය සිනමාවට පිවිසෙන ගෝවින්දා මේ වන විට සිනමාපට 150කට පමණ සිය රංගයෙන් දායක වී ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

ගෙල සිරකර කාන්තාවක්ව ඝාතනය කරලා

කුලියාපිටිය, ගලහිටියාව ප්‍රදේශයේදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. පොලීසිය පවසන්නේ, ඊයේ (08) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බවයි. එලෙස මියගොස් ඇත්තේ, ශාන්ත...

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරන්න රනිල් අපිට සල්ලි දුන්නා – ජගත් විතාන

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කළ යුතුය යන කොන්දේසිය මත එවකට මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා මැතිවරණයට  සිරිකොතින් මුදල් ලබා දුන්...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණියට ඇතුළත් වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ අභියාචනා ඉදිරිපත් කිරීම 2025.04.09...

POPULAR ARTICLES

ගෙල සිරකර කාන්තාවක්ව ඝාතනය කරලා

කුලියාපිටිය, ගලහිටියාව ප්‍රදේශයේදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. පොලීසිය පවසන්නේ, ඊයේ (08) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බවයි. එලෙස මියගොස් ඇත්තේ, ශාන්ත...

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරන්න රනිල් අපිට සල්ලි දුන්නා – ජගත් විතාන

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කළ යුතුය යන කොන්දේසිය මත එවකට මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා මැතිවරණයට  සිරිකොතින් මුදල් ලබා දුන්...

කෙහෙළිය CID යට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම...