27 C
Colombo
Thursday, October 3, 2024

ඊශ්‍රායලය සහ ලෙබනනයේ තත්ත්වය ගැන දැනුම්වත් කිරීමක්

- Advertisement -

කුමන හෝ කටයුත්තක් සඳහා ඊශ්‍රායලයට යෑමට සූදානමින් සිටින පුද්ගයෙකු සිටී නම් තාවකාලිකව එම විදෙස්ගතවීම නවතා දමන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ වර්තමානයේ උද්ගත වී ඇති යුදමය තත්ත්වය සම්බන්ධයෙන් අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා මේ බව පැහැදිලි කළා

ඔහු පැවසුවේ යුදමය තත්ත්වය නිරීක්ෂණය කර අවශ්‍ය කටයුතු සිදුකිරීමට යොමු වන ලෙසයි.

තවද ඊශ්‍රායලය, ලේබනනය සහ සිරියාව යන රටවල් වෙත යාමට අවශ්‍ය කෙනෙකු වේ නම් ඔවුන් පූර්ණ ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය හා සම්බන්ධ විය යුතු බවද ඒ මහතා පැවසුවා.

මීට අමතරව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයෙකුට නැවතත් මෙරටට පැමිණීමට අවශ්‍ය නම් තානාපති කාර්යාලය වෙත එය දැනුම් දිය යුතු වනවා.

“ඊශ්‍රායලයේ මේ වන විට ශ්‍රී ලාංකිකයන් 12,000ක් පමණ සේවය කරනවා. මේ වසරේ 6,700ක පමණ සංඛ්‍යාවක් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයට රජයන් දෙක අතර ඇති වු ගිවිසුම් අනුව විදෙස්ගත වුණා. සාත්තු සේවය සඳහා ගිය අය 5000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. වර්තමානයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය අනුව කිසිදු ආකාරයක ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් ඇති වී ඇති බවට කිසිදු වාර්තාවීමක් නෑ. තානාපති කාර්යාලය නිරන්තරයෙන් අවධානයෙන් ඉන්නවා. අවශ්‍ය නම් තානාපති කාර්යාලය සම්බන්ධ කරගන්න පුළුවන්. තවමත් එම රටවල ජන ජීවිතය සාමාන්‍ය පරිදි සිදුවෙනවා. නමුත් ආරක්ෂක විධිවිධාන අනුගමනය කරන්න.”

ලෙබනනයේ තත්ත්වය ගැන පැවසු ගාමිණී සෙනරත් යාපා මහතා,

“ලෙබනනයේ 7,600ක් පමණ සේවය කරනවා. තානාපති කාර්යාලය සෑම අවස්ථාවකදීම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පෙනි සිටිනවා. 28 දෙනෙකු පමණ යම් ආකාරයක රැකවරණයක් පතාගෙන ඇවිත් තිබෙනවා. ඔවුන් ස්ථාන දෙකක රඳවා තිබෙනවා. ලෙබනනයේ සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට තානාපති කාර්යාලය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. නිල ෆේස්බුක් පිටුවේ ඒ තොරතුරු සඳහන් වෙනවා. කිසිදු ආකාරයේ අනතුරක් සිදුවෙලා නෑ ශ්‍රී ලාංකිකයෙකුට. නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍යතාවයක් ඇති කෙනෙකු වේ නම් එම කටයුතු සිදුකර ගැනීම සඳහා තානාපති කාර්යාල සෘජුව සම්බන්ධ කරගන්න පුළුවන්. “

RECENT ARTICLES - SINHALA

ගෑස් සිලින්ඩරය යළි පිටියට

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට එකඟවී තිබෙනවා. අදාළ...

විභාග දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කරන්න – ජෝසප් ස්ටාලින්

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ අර්බුදයට නිසි විසඳුමක් ලබාදීමට නම් විභාග දෙපාර්තමේන්තුව පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්...

හෙට බාර් වහලා

දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන හෙට (03) දිනයේ වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

ශානිටත් ආණ්ඩුවෙන් තනතුරක්

0
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ්‍ය ශානි අබේසේකර මහතාට නව රජයෙන් තනතුරක් ලබාදීමට සූදානම් වන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. ඒ අනුව එළැඹෙන දින කිහිප...

සිරිමාවෝ විදුහලේ අමුතු තාලේ මුදල් එකතු කිරීමක්

0
ලෝක ළමා දිනය මුල්කර ගනිමින් කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකා සංසදය අමුතු තාලයේ මුදල් එක්රැස් කිරීමක් සූදානම් කර තිබෙනවා. ඒ අනුව ළමා දිනය නිමිත්තෙන්...