30 C
Colombo
Friday, November 15, 2024

කොළඹ අපරාධ කොට්ඨාශය චමුදිතගෙන් පැය පහක් ප්‍රශ්න කරයි

- Advertisement -

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඊයේ (09) කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටිමින් දීර්ඝ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය පැය පහක පමණ කාලයක් ඔහුගේ ප්‍රකාශය සටහන් කර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහු විසින් පසු ගිය දා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපිය ඔස්සේ විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මෙසේ කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය වෙත කැඳවා තිබුණා.

මෙහිදී දුරකථන මාර්ගයෙන් එල්ල කරනු ලැබූ ජීවිත තර්ජනය පිළිබඳ ඔහු විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

මෙම තර්ජන එල්ල වූයේ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සාදයක් පිළිබඳ නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ තමා විසින් ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකා පියුමි හංසමාලි අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුව බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

අශේන්ගේ පක්ෂයට මොකද වුණේ?

කොළඹ දිස්ත්‍රික්කයේ අංක 15 ස්වාධීන කණ්ඩායමේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන බව පවසමින් ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවෙකු වන අශේන් සේනාරත්න සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ...

එක් එක්‌ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන හිමිකරගෙන ඇති ආකාරය

ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 19න් මන්ත්‍රී ආසන 16ක්ම හිමිව ඇත්තේ ජාතික ජනබලවේගයට යි. සමගි ජනබලවේගයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 3ක් හිමිව තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගයට...

දසවෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගයට

පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර අවසන්. ඒ අනුව දිස්ත්‍රික්ක 20කම බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබෙනවා. එම ප්‍රතිඵලය අනූව 10 වෙනි පාර්ලිමේන්තුවේ බහුතර...

POPULAR ARTICLES