30 C
Colombo
Saturday, October 5, 2024

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් වාර්තාවක් අතුරුදහන්

- Advertisement -

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව කළ චෝදනා විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අතුරුදන් වී ඇති බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසනවා.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා (01) පැවති උත්සව අවස්ථාවකදී සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් මේ බව සඳහන් කළා.

මෙම කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබී ඇති අතර පසුව එය නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව ප්‍රකාශ වුව ද මේ වන විට එය අතුරුදන් වී ඇති බවත් සිරිල් ගාමිණී පියතුමා මෙහිදී පවසා සිටියා.

 ආරංචි මාර්ගවලට අනුව ප්‍රහාරය පිළිබඳ සැබෑ සාක්ෂි සහ අනෙකුත් තීරණාත්මක තොරතුරු වාර්තාවෙන් හෙළි වූ බව ඔහු මෙහිදී අවධාරණය කළා.

මෙම කරුණු හෙළිදරව් වී නව රජයෙන් නිසි පරීක්ෂණයක් සිදු කළහොත් දේශපාලනඥයන් කිහිප දෙනෙකු සිරගත වනු ඇති බවද පියතුමා මෙහිදී සඳහන් කළා.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ නායක සහරාන් සමඟ සන්නිවේදනයේ යෙදී සිටි ‘ අබුහින්ද් නැමැත්තා 2019 ප්‍රහාරය පිටුපස සිටි මහමොළකරු බවද මේ වන විට තහවුරු වී ඇති බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සොයා ගැනීමට හැකි වුවහොත් ලාංකීය සමජයේ ක්‍රියාත්මක දූෂිත, ඝාතක දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකි බවත්,එමඟින්  අපරාධකරුවන් කෙදිනක හෝ නීතිය හමුවේ හෙළිදරව් විය යුතුය යන්න සථාපිත විය යුතු බවත්  සිරිල් ගාමිණී පියතුමා මෙහිදී අවධාරණය කළා.

RECENT ARTICLES - SINHALA

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

පිරිවෙන් සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. අද දිනයේ දී එම ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව, විභාග...

RMV ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

බස් රථ 03ක පරම අයිතිය අයිතිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ 03ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු...

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල මණ්ඩලයේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...