ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 291.9436ක් ලෙස සටහන්ව තිබෙනවා.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වී ඇත්තේ රු. 301.1694ක් ලෙසයි.
ඇමෙරිකානු ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ අගය දිගින් දිගට ශක්තිමත් වෙමින් ඊයේ (02) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය කලකට පසු රු. 300න් පහළට පැමිණ තිබුණා.
ඊයේ මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය දැක්වුණේ රු. 299.35 ක් ලෙසයි.
ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය මෙසේ රු. 300 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ 2023 ජුනි 08 වැනිදායින් පසුව වීමද විශේෂත්වයක්.