24 C
Colombo
Sunday, January 5, 2025

පොත් ප්‍රදර්ශනේදී මාධවේදියෙක් අත්අඩංගුවට

- Advertisement -

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී අද (03) පස්වරුවේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අත්තනෝමතික ලෙස පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ පොත් ප්‍රදර්ශන භූමියේ ඇති සරසවි පොත් හලේ ප්‍රදර්ශනය කුටිය ඉදිරිපිට සිදුවූ පහරදීමේ සිදුවීමකි.

සරසවි පොත් කුටියේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයෙකු හා තරුණයෙකු බහින්බස්වීමක් සිදුවී අදාළ ආරක්ෂකයා මෙම තරුණයාට පහරදීමට පටන්ගෙන තිබෙනවා.

එය දුටු තමන් ඊට විරෝධය පලකර පොත් ප්‍රදර්ශනයට පුද්ගලයන් පැමිණෙන්නේ ගුටිකෑමට නොවන බව පැවසුවත් එය නොතකා මෙම ආරක්ෂකයා තරුණයාට තවදුරටත් පහරදුන් බව කල්ප ගුණරත්න මහතා පවසනවා.

පසුව අදාළ සිදුවීම කල්ප ගුණරත්න මහතා වීඩියෝ කරන අතරතුර එම ස්ථානයට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය භාර පොලිස් නිලධාරී සී.අයි. නියෝමාල් මහතා පැමිණි අවස්ථාවේ සරසවි පොත් හලේ ආරක්ෂකයන් පවසා ඇත්තේ කල්ප ගුණරත්න මහතා වීඩියෝ කිරීම හේතුවෙන් මෙම ස්ථානයේ කළබලයක් ඇතිවූ බවයි.

අනතුරුව ඔහු සතු පැරණි මාධ්‍ය හැඳුනුම්පත් දෙකක් බලහත්කාරයෙන් තමන් සන්තකයට ගෙන වලංගු මාධ්‍ය හැඳුනුම්පතක් නොමැති බව පවසා නියෝමාල් නැමැති පොලිස් නිලධාරියා කල්ප ගුණරත්න මහතාව කුරුඳුවත්ත පොලීසියට රැගෙන ගොස් තිබුණා.

කුරුඳුවත්ත පොලීසියේදී ඔහුම පැමිණිල්ලක් පොලිස් පොතේ ලියා කල්ප ගුණරත්න මහතාට අපූරු චෝදනාවක් ගොනුකර තිබෙනවා.

ඒ BMICH පරිශ්‍රයේ ඔහු මහජන සාමය කඩවන අයුරින් කටයුතු කළ බවයි.

ඒ අනුව පැය තුනකට අධික කාලයක් කල්ප ගුණරත්න මහතාට මෙම පොලිස් නාටකය නිසාවෙන් පොලිස් කූඩුවේ සිටීමට සිදුවූ අතර පසුව මාධ්‍ය නීති සංසදයේ නීතිඥවරුන් පැමිණ පොලිස් ඇප ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබෙනවා.

නියෝමාල් නැමැති මෙම නිලධාරියා සරසවි පොත්හලේ ආරක්ෂකයාගෙන් පහරකෑමට ලක්වූ තරුණයා පිළිබදව කිසිවක් විදු නොකළ පසුබිමක එම තරුණයාම පොලීසියට පැමිණ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වන විටත් පහර කෑමෙන් ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනට්ටුවට

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු...

අද කාලගුණය

සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

POPULAR ARTICLES

අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනට්ටුවට

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු...

ශ්‍රී ලංකා පිල ලකුණු 178කට දැවීයයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය අද (05) නවසීලන්තයේ වෙලිංටන්...

අද කාලගුණය

සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...