25 C
Colombo
Sunday, October 6, 2024

මම ආයේ දේශපාලනය කරන්නේ නැහැ – බන්දුල

- Advertisement -

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය සදහා ඉදිරිපත් නොවී සිටීමට තමා තීරණය කර ඇති බව හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

News19 කළ විමසීමකදී හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කිරීම පමණක් නොව සමස්ත දේශපාලන දිවියෙන්ම සමුගැනීමට තමා සූදානමින් සිටින බවයි.

ඉදිරි දින කිහිපයදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමටද තමන් බලාපොරොත්තු වන බවද බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළා.

දේශපාලනයේ නිරත වන සියලු දෙනා හොරු, දූෂිතයින් සහ වංචාකාරයින් බවට සමාජයේ මතයක් නිර්මාණය කර තිබීම සම්බන්ධයෙන් තමා කළකිරිමට පත්ව ඇති බවත්, එවැනි චෝදනාවලට ලක්වීමට තමා තවදුරටත් දේශපාලනයේ නියැලිය යුතු යැයි අදහස් නොකරන බවත් බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියා.

ආර්ථික විද්‍යාත්මක සත්‍ය සාමාන්‍ය ජනතාවට පමණක් නොව බුද්ධිමත් යැයි කියන පිරිසකට පවා වටහා ගැනීමට නොහැකි වී ඇති පසුබිමක තමා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් අලුත් යමක් කල හැකි යැයි තමන් විශ්වාස නොකරන බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඉදිරියේදී තමන්ගෙ විවේක කාලය පොතක් පතක් කියවාගෙන ගතකිරීමට බලාපොරොත්තු වන බවත් 1989 සිට තමන් ගතකල පාර්ලිමේන්තු දිවිය මින් අවසන් වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර තවත් හිටපු අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක්ම මෙවර මහමැතිවරණයට තරඟ නොකිරීමේ සූදානමක් ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාළව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින නවක  අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (05) ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම් නීතිඥ...

මාලිමාවේ මහමැතිවරණ අපේක්ෂකයන් ගැන තීරණයක්

මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. ඔහු පවසා ඇත්තේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...