29 C
Colombo
Friday, October 4, 2024

ජනාධිපතිවරණය පැරදුනේ පක්ෂයේ වැරදි තීන්දුවලින් – හර්ෂ

- Advertisement -

සමගි ජන බලවේගය ගත් ඇතැම් වැරැදි තීන්දු ජනාධිපතිවරණය පරාජය වීමට හේතු වූ බව එම පක්ෂයේ භාණ්ඩාගාරික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඔහු සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සංවිධාන ශක්තිය සමඟි ජන බලවේගයට හා එක්සත් ජාතික පක්ෂයට වඩා ඉදිරියෙන් තිබූ බවයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය ලෙස පාට, පක්ෂ, ලාංඡන වෙනස්කර සමාජයේ වැඩි පිළිගැනීමක් ඇති පිරිස් ඉදිරියට ගොස් වෙනසක් කළ බවද හර්ෂ ද සිල්වා මහතා පවසා තිබෙනවා.

සමගි ජන බලවේග පාර්ශවයෙන් එවැන්නක් සිදු නොවූ බවත් ජනාධිපතිවරණය සඳහා එක් කරගත් ඇතැම් පුද්ගලයන්ට සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වූ බවත් ඔහු පෙන්වා දෙනවා.

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ, රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඡන්ද දායකයන් එක් ස්ථානයකට ගෙනාවේ නම් අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනාධිපති වීමට ඉඩ නොතිබූ බවයි.

ඒ අනුව, ජනාධිපතිවරණයේදී යම් පසුබෑමක් සිදුවුවත් ඉදිරි මහ මැතිවරණයේදී බහුතර බලයක් ලබා ගැනීම තම කණ්ඩායමේ සැලැස්ම වී ඇති බැවින් ඒ වෙනුවෙන් කටයුතු කරන බවද හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරනවා.

රටේ ප්‍රධාන බලමුළු දෙක තුලනාත්මක තැනකට මහ මැතිවරණයේදී එළැඹිය යුතු බවත් නොඑසේ නම් ඒකාධිපතිවාදයක් නිර්මාණය වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ හානි විය හැකි බවත් ඔහු තවදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

RMV ලොක්කෙක් අල්ලස් ගනිද්දි මාට්ටු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථ 03ක අයිතිය පැවරීමට රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ගනිමින් සිටි අවස්ථාවේදී...

රාජිතගේ සුදු වෑන් නඩුව කල් ගිහින්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවෙන් විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස කෙරුණු ඉල්ලීම පිළිබඳ නියෝගය...

IMF නියෝජිත කණ්ඩායමෙන් නිවේදනයක්

මෙරට සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (04) සිය සංචාරය නිම කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා. IMFහි ආසියා - පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...