27 C
Colombo
Friday, October 4, 2024

යනඑන මං නැති අතේ සෙට් එකක සහය අනුරට

- Advertisement -

පැවති ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගයට සහය දීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක නීතීඥ කීර්ති උඩවත්ත මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට ගත් තීරණය වැරදි බව මේ වන විට වටහාගෙන ඇති බවත්, ඒ අනුව ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන නායකත්වයට ජාතික ජන බලවේගයේ දේශපාලන යාන්ත්‍රණය සමඟ සම්බන්ධ වීමට වැඩ පිලිවෙලක් සකස් කර දෙන ලෙසත් ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සීටිනවා.

“දැන් අපට තේරෙනවා, එදා අපි ගත්තු තීරණය වැරදියි කියලා, අපි මෙහිදී ජාතික ජනබලවේගයට උදව් කරන්නේ, අපිට ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන නායකත්වයක් තියෙනවා, අපිට ඔබේ යාන්ත්‍රණයට සම්බන්ධ වෙන්න වැඩපිළිවෙලක් සකස් කරල දෙන්න..”

මෙහිදී අදහස් දැක්වූ කඩුවෙල ආසන සංවිධායක හෙක්ටර් බෙත්මගේ සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු 40ක් පමණ අනුර කුමාර දිසානායක මහතා සමඟ අත්වැල් බැඳගැනීමට කැමත්ත පළ කර ඇති බවයි.

“අපි සංවිධානය වෙලා සාධනීය ප්‍රතිපත්ති තියෙන ජනාධිපති අනුර කුමාරව ආරක්ෂා කරගන්න අපි පෙළගැහෙන්න ඕන කියලා ඔවුන් කිව්වා, ඒ නිසා තමා මාලිමාවේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්න මාලිමාවට ඡන්දෙ දෙන්න කියන පණිවිඩය අපි ඔබ ඉදිරියට ගෙනාවේ”

පසුගිය සමයේදී අනුර කුමාර දිසානායක මහතා විවේචනය කරමින් සිදු කළ ප්‍රකාශ සහ මේ වන විට ඔහුට සහය ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී හෙක්ටර් බෙත්මගේ මහතා සඳහන් කළේ ප්‍රඥාව යනු ඇතැම් විටෙක යටපත් වී තිබී නැවත ඉස්මතු වෙන දෙයක් බවයි.

RECENT ARTICLES - SINHALA

සියලු ආන්දෝලනාත්මක අපරාධ විමර්ශන යළි අරඹන්න උපදෙස්

සියලු ආන්දෝලනාත්මක අපරාධ විමර්ශන යළි ආරම්භ කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න මහතා පොලිසියට උපදෙස් දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඊයේ (03)...

RMV ලොක්කෙක් අල්ලස් ගනිද්දි මාට්ටු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථ 03ක අයිතිය පැවරීමට රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ගනිමින් සිටි අවස්ථාවේදී...

රාජිතගේ සුදු වෑන් නඩුව කල් ගිහින්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවෙන් විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස කෙරුණු ඉල්ලීම පිළිබඳ නියෝගය...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...