27 C
Colombo
Saturday, October 5, 2024

රාජිතගේ සුදු වෑන් නඩුව කල් ගිහින්

- Advertisement -

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවෙන් විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස කෙරුණු ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 24 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (04) නිවේදනය කළා.

2019 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු දෙදෙනෙකුට චෝදනා එල්ල වුණා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ විත්තිකාර රාජිත සේනාරත්න මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් ව ඇති නිසා විත්තිවාචකය කැඳවීමෙන් අනතුරුව මෙම නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙන ලෙසයි.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්ති වාචකය කැඳවීමකින් තොරව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන්නේද? නැද්ද? යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත් කරන බව නියෝග කළා.

2019 වසරේ නොවැම්බර් 10 වැනිදා කොළඹ දී සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යෑම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම චෝදනා එල්ල කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

සියලු ආන්දෝලනාත්මක අපරාධ විමර්ශන යළි අරඹන්න උපදෙස්

සියලු ආන්දෝලනාත්මක අපරාධ විමර්ශන යළි ආරම්භ කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න මහතා පොලිසියට උපදෙස් දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඊයේ (03)...

RMV ලොක්කෙක් අල්ලස් ගනිද්දි මාට්ටු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථ 03ක අයිතිය පැවරීමට රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ගනිමින් සිටි අවස්ථාවේදී...

IMF නියෝජිත කණ්ඩායමෙන් නිවේදනයක්

මෙරට සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (04) සිය සංචාරය නිම කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා. IMFහි ආසියා - පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...