25.4 C
Colombo
Saturday, November 23, 2024

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන පොලීසියට උපදෙස්

- Advertisement -

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල අඩුපාඩු ඇත්නම් වාර්තා කරන්නැයි උපදෙස් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිහාල් තල්දූව මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර පොලිස් මුලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදි එම උපදෙස් ලැබුණු බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන වාර්තාවක් ලබාදීමට ද නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

නව මන්ත්‍රීන් වෙනුවෙන් දින 3ක වැඩමුළුවක්

දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩමුළුව ලබන 25, 26 සහ 27 දිනයන් හිදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසනවා....

වසරේ ගත වූ කාලය තුළ අල්ලස් චෝදනාවලට 73ක් අත්අඩංගුවට

ගත වූ මාස 10 තුළ අල්ලස් ලබා ගැනීමේ  සිද්ධි සම්බන්ධයෙන් 73 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. එම...

නිධානය සොයා අදත් කැණීම්

වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඉදිකරමින් පවතින...

POPULAR ARTICLES