31 C
Colombo
Saturday, October 5, 2024

නිල ණය හිමි කමිටුව සහ IMF අතර සාකච්ඡා සාර්ථකව අවසන්

- Advertisement -

ශ්‍රී ලංකාවේ නිල ණය හිමි කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡා සාර්ථකව නිම කළ බව මුදල් අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින්, මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ  ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයන්හි ජාත්‍යන්තර සහ දේශීය දරන්නන්ගේ නියෝජිතයන් සමඟ එළඹි  ගිවිසුමෙහි පවතින කොන්දේසි, ණය සඳහා විසඳුම් සෙවීමේ සංසන්දනාත්මක මූලධර්මයට අනුකූල බව නිල ණය හිමි කමිටුව විසින් විධිමත් ලෙස තහවුරු කර ඇති බවයි.

එහිදී, 2024 වසරේ ජූනි මාසයේ දී නිල ණය හිමි කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමඟ එකඟ වූ නියමයන්ට අනුකූලව නිල ණය හිමිකම් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ගිවිසුමේ නියමයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමයන්ට අනුකූල බව ඔවුන් විසින් තහවුරු කර බවද මුදල් අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව, නව ජනාධිපතිවරයා යටතේ පත්වූ නව රජය සැප්තැම්බර් මස 19 වන දින ප්‍රකාශයට පත් කළ පරිදි වැඩසටහනට අදාළ ණය ඉලක්ක සහ මූලික වශයෙන් එළැඹි එකඟතාවයේ කොන්දේසි පිළිගන්නා බවටත් එම කොන්දේසිවලට අනුකූලව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුව ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමටත් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම ක්‍රියාවලිය පුරාවට සද්භාවයෙන් කටයුතු කිරීම සහ අඛණ්ඩ සහයෝගය ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සියලුම ණය හිමියන්ට මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නිල ණය හිමි කමිටුව වෙත ස්තුතිය පුද කරන බවද මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය බුද්ධි සේවයට අලුත් ලොක්කෙක්

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබෙනවා. මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා ඉවත් කිරීමෙන් පසු ධම්මික කුමාර මහතා...

නීති විරෝධීව ගෙන්වූ ජීප් රථයක් අල්ලස් කොමිසම භාරට

නීති විරෝධීව මෙරටට ගෙන්වා රජයට ගෙවිය යුතු බදු ආදායම අහිමි කෙරූ ජීප් රථයක් අල්ලස් කොමිසම මගින් සිය භාරයට ගෙන තිබෙනවා. අදාළ මෝටර් රථය මෝටර් රථ...

Breaking : සුරේෂ් සලේ ඉවතට

0
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා එම...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...