31 C
Colombo
Saturday, October 5, 2024

ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම් වාර්තා ගැන අනාවරණයක්

- Advertisement -

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් 38 දෙනාම ලබන 12 වැනිදාට පෙර සිය ප්‍රචාරණ වියදම් වාර්තා මැතිවරණ කොමිසමට යොමුකළ යුතු බව දන්වා තිබෙනවා.

12 වැනිදායින් පසුව දින කිහිපයක් ඇතුළත එම වියදම් වාර්තා පනතට අනුව මහජන ප්‍රදර්ශනයට තැබීමට මැතිවරණ කොමිසම සැලසුම් කර ඇති බව සඳහන්.

කෙසේවෙතත්, ජනාධිපතිවරණයට තරග කළ කිසිදු අපේක්‍ෂකයකු මේ වනතෙක් සිය ප්‍රචාරක වියදම් වාර්තා මැතිවරණ කොමිසමට භාර දී නොමැති බවයි වාර්තා වෙන්නේ.

මැතිවරණ කොමිසම දන්වා සිටින්නේ ප්‍රචාරක වියදම් වාර්තා ඉදිරිපත් නොකරන අපේක්‍ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

නීතියට අනුව අපේක්‍ෂකයකු ඡන්ද දායකයකු වෙනුවෙන් උපරිම ලෙස වියදම් කළ හැක්කේ රුපියල් 119ක් පමණක් බව මැතිවරණ කොමිසම තීන්දු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය බුද්ධි සේවයට අලුත් ලොක්කෙක්

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබෙනවා. මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා ඉවත් කිරීමෙන් පසු ධම්මික කුමාර මහතා...

නීති විරෝධීව ගෙන්වූ ජීප් රථයක් අල්ලස් කොමිසම භාරට

නීති විරෝධීව මෙරටට ගෙන්වා රජයට ගෙවිය යුතු බදු ආදායම අහිමි කෙරූ ජීප් රථයක් අල්ලස් කොමිසම මගින් සිය භාරයට ගෙන තිබෙනවා. අදාළ මෝටර් රථය මෝටර් රථ...

Breaking : සුරේෂ් සලේ ඉවතට

0
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා එම...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...