30 C
Colombo
Saturday, October 5, 2024

ජොනියා ගාව තුවක්කු 8 ක් තිබිලා

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු සතුව AF 408 – 9mm cz 75, AHIBT 219 – 9mm Glock, ESM 893 – 9mm Glock, 24SLG2-0002 – 12Bore Repeter, 24SLG2-0151 – 12 Bore Repeter, 24SLG2-0010 – 12 Bore Repeter, 7000482/240888 – 12 Bore Repeter, 15333989 – 12 Bore Repeter යන ගිනි අවි 8 ක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබුණා.

මීට අමතරව, ඇවන්ගාඩ් නැමැති සමුද්‍ර ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගිය නිශ්ශංක සේනාධිපතිද ද පසුගිය රජයන්ගෙන් ගිනි අවි 9ක් ලබාගෙන තිබෙනවා.

පිස්තෝල 7ක් (මි.මි 9) සහ බෝර රිපීටර් 2ක් එම ගිනි අවි අතර වනවා.

ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ උණ්ඩ නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (04) තීරණය කර තිබුණා.

ඒ අනුව ගිනි අවි සහ ඒ සඳහා නිකුත්කර ඇති පතරොම්ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත නොවැම්බර් 07 දිනට පෙර භාරදෙන ලෙස සියළුම බලපත්‍රලාභීන් හට දැනුම් දුන්නා.

RECENT ARTICLES - SINHALA

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

පිරිවෙන් සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. අද දිනයේ දී එම ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව, විභාග...

RMV ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

බස් රථ 03ක පරම අයිතිය අයිතිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ 03ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු...

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල මණ්ඩලයේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...