මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා.
ඔහු පවසා ඇත්තේ ඒ සඳහා අනුමැතිය දීමෙන් පසු ලබන 10 සහ 11 නාම යෝජනා දීමට සැලසුම් කර ඇති බවයි.
‘ඩේලි මිරර්’ වෙත අදහස් දක්වමින් නිහාල් අබේසිංහ මහතා පවසා තිබුණේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් අතර මනාප වෙනුවෙන් තරඟයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන බවයි.
කෙසේවෙතත්, මහමැතිවරණයෙන් තේරි පත්වෙන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂය කිසිදු මැදිහත්වීමක් නොකරන අතර ජනතාවගේ මනාපයෙන් තේරි පත්වෙන අපේක්ශකයින්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට හැකියාව පවතින බවද ඔහු පවසා තිබෙනවා.
එමෙන්ම ජාතික ජන බලවේගය යටතේ තරඟ කිරීමට පක්ෂ මෙන්ම විවිධ පිරිස් ඉල්ලුම් කර ඇති නමුත් දේශපාලන කණ්ඩායම්වලට ඒ සඳහා අවස්ථාව නොලැබෙනු ඇති බවද නිහාල් අබේසිංහ මහතා සඳහන් කරනවා.